දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වැසිකිළියට එක් වරක් යාම සඳහා රුපියල් 100 ක මුදලක් අයකරන බව ගොවීන් චෝදනා කරති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන ගොවින්ට එක් වරක් මුත්‍රා කිරීම සඳහා වටට්ටක්කා කිලෝ තුනහමාරක් පමණ අලෙවි කිරීමට සිදුවී ඇති බව ඔවුන් පවසති.
ගොවීන් පෙන්වාදෙන්නේ අවම පහසුකම් පවා නොමැති මෙම වැසිකිළි පද්ධති සඳහා මෙවැනි මුදලක් අය කිරීම අතිශය අසාධාරන බවයි.
මෙම පොදු වැසිකිලි පද්ධති ටෙන්ඩර් හරහා ලබාගන්නා ජාවාරම්කරුවන් විසින් ඔවුන්ට සිතැඟි ආකාරයෙන් ජනතාව සූරාකන බවත් මේ සඳහා කඩිනම් විසඳුමක් ලබාදීමට කටයුතු කරනා ලෙසත් ඔවුන් ඉල්ලා සිටිති.
✅✅✅✅✅
