සුදු වෑන් එකකින් ඇවිත් බිරිද පැහැරගත් සැමියාව පොලිසිය සොයයි


 සැමියෙකු විසින් සිය බිරිඳව, මුහුණු ආවරණය කරගත් පිරිසක් සමග සුදු වෑන් රථයකින් පැමිණ පැහැරගෙන යාමක් සම්බන්ධයෙන් බේරුවල පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.



මෙම සිදුවීම පිළිබඳව පොලීසියට පැමිණිලි කර ඇත්තේ පැහැර ගැනීමට ලක්වූ කාන්තාවගේ මව විසිනි. බේරුවල, කරඳගොඩ, දිනාවත්ත ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි ඇය සඳහන් කර ඇත්තේ, තම දියණිය සිය සැමියා සමඟ ඇති කරගත් ආරවුලක් හේතුවෙන් கடந்த මාස කිහිපයක සිට තම නිවසේ නතර වී සිටි බවය.

ඉකුත් 21 වැනි දින දහවල් 11.00ට පමණ දියණියගේ ස්වාමිපුරුෂයා තවත් පිරිසක් සමග පැමිණ, දියණියව බලහත්කාරයෙන් ඇදගෙන ගොස් වෑන් රථයේ නංවාගෙන පලා ගිය බව ඇය පොලීසියට කළ පැමිණිල්ලේ වැඩිදුරටත් දැක්වේ.

පැහැර ගැනීමට ලක්වූ කාන්තාවගේ පියා පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ, පැමිණි පිරිස මුහුණු ආවරණය කරගෙන සිටි බවත්, ඔවුන් අතුරින් එක් අයෙකු සතුව පිස්තෝලයක්, තවත් අයෙකු සතුව මන්නයක් සහ තවත් අයෙකු සතුව කිනිස්සක් තිබූ බවත්ය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය උතුරු කළුතර, පැල්පොල ප්‍රදේශයේ පිහිටි සැකකාර සැමියාගේ නිවස සෝදිසි කර ඇති අතර, ඔහු එහි රැඳී සිට නැත. පසුව පොලීසිය සැකකරුව දුරකථනයෙන් සම්බන්ධ කර ගත් අවස්ථාවේ, ඔහු සිය බිරිඳට දුරකථනය ලබා දී ඇත. තමා සැමියා සමඟ සිය කැමැත්තෙන් සිටින බවත්, 22 වැනි දින පොලීසියට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන බවත් ඇය එහිදී පවසා තිබේ.

කෙසේ වෙතත්, ප්‍රකාශයක් ලබා දීමට පැමිණෙන බව දැනුම් දී තිබුණද, 22 වැනිදා වන විටත් එම යුවළ පොලීසියට පැමිණ නොසිටි බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. බේරුවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.ආර්. නවරත්න මහතාගේ මෙහෙයවීම යටතේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.


✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post