සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ඉදිරියේදී ඉල්ලා අස්වෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන අධ්‍යාපන තිරසර සංවර්ධන විද්‍යා පීඨය ආරම්භ කිරීමේ අවස්ථාවට සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ දී එක් වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කීය.
එම මන්ත්‍රීවරු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්ව පළාත් සභාවට තරඟ කරන්නට සූදානම් බව කී විපක්ෂ නායකවරයා කැපකිරීම්, පරිත්‍යාග කර පළාත් සභා ඡන්දය ජයග්‍රහණය කරවන්නට සමගි ජන බලවේගය සූදානම් බව කීය.
එහිදී විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසූවේ 2020 පෙබරවාරි මාසයේ ලියාපදිංචි වූ සමගි ජන බලවේගය මේ වන විට දුරකථනය ලකුණෙන් මහමැතිවරණ දෙකකට සහ එක් ජනාධිපතිවරණයකටත් පළාත් පාලන මැතිවරණයකටත් තරඟ කර ඇති බවත් අද වන විට සමගි ජන බලවේගයට පළාත් පාලන මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් 1773ක් සිටින බවත්ය.
✅✅✅✅✅
.
