තම නිවසේ වැසිකිළි වල පුපුරා යමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ පිලාන වංචාවල ඩබ්ලිව්.ජී.මනෝජ් නිශාන්ත නමැති 54 හැවිරිදි පුද්ගලයෙකි.
මියගිය පුද්ගලයා රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන සමාගමක සේවය කරනු ලබන අතර ඔහු වැසිකිළි වලේ අපද්‍රව්‍ය දිරා යාමත් දුර්ගන්ධය නැති කිරිමත් සදහා වැසිකිලි වලට කාබයිට් රසායනික ද්‍රව්‍ය දමමින් සිටියදි එක් වරම වැසිකිළිවල පුපුරා යාමෙන් ඔහු මාරාන්තික තුවාල ලබා ඇත.
පසුව අසල්වාසින් විසින් ඔහු කරාපිටිය රෝහල වෙත ගෙන ගොස් ඇති අතර රෝහලට ඇතුලු කරණ අවස්ථාවේම මියගොස් ඇත.
✅✅✅✅✅✅✅
.
