පුත්තලමේ ප්‍රදේශ රැසක පොල් වගාව ආශ්‍රිතව පැතිර යන පොල් දළඹු වසංගතයෙන් පොල් ඉඩම් රැසකට මේවන විට දැඩි හානියක් සිදුව තිබේ.
ඒ අනුව අක්කර 100ක පමණ මෙම දළඹු වසංගතය දැකිය හැකියි.
හානිය වළක්වා ගැනීම සඳහා පොල් පර්යේෂණ ආයතනය හා පොල් වගා කිරීමේ මණ්ඩලය දැඩි ප්‍රයත්නයක් දරමින් සිටියි.
පොල් වගාවේ පැතිරයන දළඹුවන් සුහුඹුල් අවස්ථාවේ සිට පත්‍ර වල රැඳි සිටිමින් යුෂ උරා බිමත් සමග පොල් අතු සියල්ල පිළිස්සි ගිය ආකාරය දැක ගත හැකිය.
ඒ හේතුවෙන් පොල් වගාවට එල්ල වි ඇති අනතුරුදායක තත්ත්වය වළක්වා ගැනීමට පොල් පර්යේෂණායතනය හා පොල් වගා කිරීමේ මණ්ඩලය ඊට පිළියම් යොදමින් සිටියි.
✅✅✅✅✅✅✅✅
