නේපාලයේ රැඳී සිටි මහමොළකාරිය කොටු කළ මහමොළකරුගේ සැලැස්ම.!


 මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසන්නේ ගනේමුල්ල සංජීව නමැත්තා අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වූ ඉෂාරා සෙව්වන්දි නමැත්තිය නේපාලයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නේපාල ආරක්ෂක අංශ සමඟ එක්ව සිදුකල මෙහෙයුමකට අනුව බවයි.

එම මෙහෙයුමේදී ඉෂාරා සෙව්වන්දි සමග තවත් පුද්ගලයින් 05 දෙනෙකු ද අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ අපරාධ කොට්ඨාසය හා නේපාල පොලිසිය එක්ව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගේ ඍජු මෙහෙයවීම යටතේ මෙම මෙහෙයුම සිදුකර ඇතැයි දැනගන්නට ලැබේ.

මීට දින 04කට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ කොළඹ අපරාධ කොට්ඨාසයයේ නිළධාරීන් නේපාලයට ගොස් එරට පොලිසිය සමඟ එක්ව සැලසුම් කල මෙහෙයුමකට අනුව මේ පිරිස අත්අඩංගුවට ගත් බව පැවසෙයි.


✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post