ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් ලොව ප්‍රථම වරට තමන්ගේ මානසික ආතති මට්ටම තමන්ට ම මැනගත හැකි ජංගම දුරකතන යෙදුමක් (ඇප් එකක්) නිර්මාණය කරනු ලැබ තිබේ.
එම යෙදුම නිර්මාණය කළ වෛද්‍යවරු පවසන්නේ ‘Nirogi’ නම් මේ ඇප් එකෙන් අවශ්‍ය භාෂාව තෝරාගෙන අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමෙන් තමන්ගේ ආතති මට්ටම තමන්ටම මැනගත හැකි බවයි.
සාමාන්‍ය, සුළු, තරමක් ඉහළ සහ තීව්‍ර (උග්‍ර) ලෙසින් ආතති මට්ටම් වර්ග කර ඇති ලැබෙන ලකුණු අනුව ආතතියේ තරම ගැන නිගමනය කළ හැකි ය.
සුළු මට්ටමෙන් පවතිනවා නම් දෙසතියකින් නැවත එම යෙදුමේ ප්‍රශ්නවලට පිළිතුරු දී ලකුණු මට්ටම මැන බැලීම වැදගත් වේ.
තරමක් ඉහළ අයට ද එය අදාළ වන අතර ඔවුන් 1926 අමතා උපදෙස් ලබා ගත යුතු ය.
එසේ නොමැති නම් මනෝ වෛද්‍ය උපදෙස් පැතිය යුතු ය. ඔවුනට අවශ්‍ය උපදෙස් ද Nirogi යෙදුම හරහා ලබාදෙයි.
තීව්‍ර හෝ බරපතළ තත්ත්වයේ ඇත්නම් වහා ම මනෝ වෛද්‍ය උපදෙස් පතා යොමු විය යුතු ය.
ආතතිය දිගින් දිගට ම පැවැතීමෙන් කෙනෙකු විශාදයට පත් වීමේ දැඩි අවදානමක් පවතී.
මෙම යෙදුම මගින් කෙනෙකුට තමන්ටගේ ආතති මට්ටම විශාදය දක්වා දුරදිග ගොස් ඇත්දැයි කෙනකුට පහසුවෙන් ම තීරණය කළ හැකි ය.
ශ්‍රී ලංකා මනෝ වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ සභාපතිනී මනෝ වෛද්‍ය විශේෂඥ දසන්ති අක්මීමන, වෛද්‍ය ආර්. නිරංජන්, ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී වෛද්‍ය පාරමී රත්නායක, වෘත්තීය චිකිත්සක චාරුක යන සිව් දෙනා විසින් මෙම යෙදුම නිර්මාණය කර ඇත.
ලෝක මානසික සෞඛ්‍ය දින සැමරුමට සමගාමීව Nirogi යෙදුම ජනගත කිරීම ඊයේ (ඔක්. 17) කොළඹ 8, මොඩන් ෆාම්හි ප්‍රසව සහ නාරිවේද විශේෂඥවරුන්ගේ විද්‍යායතන මූලස්ථානයේදී විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය ලක්මිණී මාගොඩආරච්චි සහ මනෝ වෛද්‍ය විශේෂඥ දසන්ති අක්මීමනගේ මූලිකත්වයෙන් සිදුවිය.
✅✅✅✅✅✅✅
