පාටි දාන්න අමුතුම දේවල් රැගෙන නුවරඑළියට පැමිණි 24 දෙනෙක් මාට්ටු


 සත් අන්ත දීර්ඝ නිවාඩුවට විවිධ මත්ද්‍රව්‍ය රැගෙන නුවරඑළියට පැමිණි 24 දෙනෙක් අද (18) දින අත්අඩංගුවට ගත් බව නුවරඑළිය මූලස්ථාන පොලිසිය පවසනවා.

නුවරඑළියේ අද (18) දින පැවැත්වෙන සාදයක් සඳහා සහභාගී වීම සඳහා පැමිණි පිරිසක්ද අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙමටගොඩ, ගම්පහ, කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි අවුරුදු 18-28 ත් වයස් කාණ්ඩවල පසුවන අය බවත් ඔවුන් සන්තකයේ තිබී කුෂ්, හෙරෝයින්, අයිස්, මත්පෙති සහ නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද දුම්වැටි සොයා ගැනීමට හැකි වූ බවයි වර්ථාඅ වන්නේ.

නුවරඑලිළියට පිවිසෙන මාර්ග සියල්ලක්ම ආවරණව වන පරිදි නුවරඑළිය කොට්ඨාස පොලිස් සුනඛ අංශයේද සහයෝගය ලබා ගෙන පොලිස් මාර්ග බාධක යොදා සැකකරුවන් අත්අඩංගුවට ගත් බව නුවරඑළිය මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස්
පරික්ෂකවරයා වැඩි දුරටත් පවසා සිටියා.

සැකකරුවන් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.


✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post