වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ ඝාතනය සිදුකළ ප්‍රධාන වෙඩික්කරු බවට සැක කෙරෙන පුද්ගලයා මීට මොහොතකට පෙර අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වී තිබේ. මහරගම, නාවින්න ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගෙන තිබුනි.
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, පොලිස් නිලධාරීන් විසින් සිදුකළ මූලික ප්‍රශ්න කිරීම්වලදී සැකකරු විසින් යම් තොරතුරු හෙළිදරව් කරනා අතර ඔහු පවසන්නේ මෙම ඝාතනය තමන් විසින් සිදුකරනු ලැබුවේ ඩුබායි රාජ්‍යයේ සිට ලැබුණු කොන්ත්‍රාත්තුවක් මත බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටියි.
