2026 වසරට අදාළ අයවැය ප්‍රකාශය ඇරඹෙයි.. අයවැය සම්පුර්ණ කතාව මෙන්න


 3,256 Views

ජාතික ජන බලවේග රජයේ දෙවැනි අයවැය අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. 


නිදහස් ශ්‍රී ලංකාවේ 80 වැනි අයවැය මෙය වන අතර, ඊට අදාළ අවසන් ලේඛනය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සිදුකෙරෙනු ඇති.

අද පස්වරු 01:30 සිට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අයවැය ඉදිරිපත් කරන විශේෂ පාර්ලිමේන්තු සැසිවාරය ඇරඹුණා.

* වසරක් තුළ රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය ඇති කර ගැනීමට රජයට හැකිවුණා.
* උද්ධමනය 5%ට අඩු මට්ටමක තබා ගැනීමට රජය උපරිම ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.
* ගෝලීය කම්පනයන් හමුවේ වුවද විනිමය අනුපාතය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට හැකිවුණා.
* ඉතිහාසයේ ඉහළම ප්‍රාථමික අතිරික්තය ලබන වසරේ සනිටුහන් වනු ඇතියි.
* 2030 වසර වනවිට රාජ්‍ය ණය 87%ක් දක්වා අඩුකර ගැනීමට රජය අපේක්ෂා කරනවා.
* ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම්වල පවා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ධනාත්මක තත්ත්වයක්.
* රාජ්‍ය සේවක වැටුප් මේ වනවිටත් අදියර 3කින් වැඩිකර තිබෙනවා.
* දූෂණ විරෝධී වැඩසටහන මගින් ජනතා විශ්වාසය තහවුරු කර තිබෙනවා.
* රාජ්‍ය මූල්‍ය කටයුතුවලට අදාළ ඩිජිටල් ප්‍රතිසංස්කරණ බොහෝ ක්ෂේත්‍රවල සිදුකර තිබෙනවා.
* දූෂණය අවම කිරීම මගින් ආර්ථික වර්ධනය ඉහළ නංවාගත හැකියි.
* 2026 වසරේදී අධිකරණ පද්ධතිය සඳහා ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දෙනවා.
* 2025 වසරේ අ.ඩො.මි 823ක සෘජු විදේශ ආයෝජන ලැබී තිබෙනවා.
* දේශීය සහ විදේශීය ආයෝජකයින්ගේ විශ්වාසය තවදුරටත් ශක්තිමත් කර තිබෙනවා.
* ක්‍රමෝපාය සංවර්ධන පනත සහ වරාය නගර පනත සංශෝධනය කරනවා.
* SVAT අවලංගු කර බදු යළි ගෙවීමේ ක්‍රමය විධිමත් කර තිබෙනවා.
* රාජ්‍ය වත්කම් අධීක්ෂණය සහ නියාමනය කළමනාකරණය කරනවා.
* ඩිජිටල් වත්කම් ප්‍රකාශ කිරීමේ පද්ධතියක් හඳුන්වා දෙනවා.
* 2026 දී රාජ්‍ය වත්කම් කළමනාකරණ පනත සංශෝධනය කරනවා.
* බදු සහන ලබාදීම මුදල් අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කරමින් විනිවිදභාවයක් ඇති කරනවා.
* කුමන තනතුරක් දැරුවද වංචා දූෂණවල නිරත වී අපරාධ සිදුකළ පුද්ගලයින්ට දඬුවම් දෙනවා.
* මුදල් විශුද්ධිකරණයට එරෙහි රාමුව 2026 දී ශක්තිමත් කරනවා.
* අපනයන විවිධාංගීකරණය මගින් ඉහළ ආදායමක් අත් කර ගැනීම සහ නව නිදහස් වෙළෙඳ ගිවිසුම් සඳහා විශේෂඥ කමිටුවක්.
* රාජ්‍ය වාණිජ ව්‍යාපාර පනත පාර්ලිමේන්තුවට ගෙන එනවා.
* ජාතික අපනයන සංවර්ධන සැලැස්ම මගින් අපනයන තරගකාරී කිරීමට මෙන්ම ගෝලීය අගය දාම සමග සම්බන්ධ වීමට කටයුතු කරමින් තිබෙනවා.
* නව තීරු බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට ජාතික වෙළෙඳ කවුළුවක්.
* අපනයන ආදායම මසකට ඩොලර් බිලියන 2 ඉක්මවා තිබෙනවා.
* 2025 වසරේදී අ.ඩො.මිලියන 430කින් ආනයන වියදම ඉහළට.
* අපේ ණය ප්‍රතිශතය 95%ක ඉලක්කයට දැනටමත් ළංවෙමින් තිබෙනවා.
* ණය ප්‍රතිව්‍යුහගතකරණයේ ප්‍රගතිය අනුව සහන සැලසීමට ණය හිමියන් එකඟවී තිබෙනවා.
* අපි දැනටමත් 2024ට සාපේක්ෂව 2025 දී ණය වැඩි පංගුවක් ගෙවා තිබෙනවා.
* පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ විදේශ ණය සේවාකරණය අ.ඩො. මිලියන 760කින් ඉහළට.
* ග්‍රාමීය දිළිඳුභාවය තුරන් කිරීම සඳහා සංවර්ධනයේ ප්‍රතිලාභ සෑම අයෙකුටම ලැබෙන වැඩසටහනක්.
* මධ්‍ය කාලීනව 7%ක ආර්ථික වර්ධනයක් කරා අප ගමන් කරමින් සිටිනවා.
* පුනරාවර්තන වියදම් ක්‍රමානුකූලව අඩුකරමින් ප්‍රාග්ධන වියදම් වැඩිකර ගත යුතුයි.
* 2025 වසරේ මුල් කාර්තුවේ විරැකියාව 3.8% දක්වා අඩුවී තිබෙනවා.
* 2025 වසරේ කොටස් වෙළෙඳපොළේ ඓතිහාසික වර්ධනයක්.
* රාජ්‍ය ආයෝජන 4%කින් ඉහළ දැමීමට කටයුතු කරනවා.
* මහජනතාවගේ බදු වගවීමකින් යුතුව කළමනාකරණය කරන බවට සහතික වෙනවා.
* පසුගිය වසරට සාපේක්ෂව රාජ්‍ය ආදායම රුපියල් බිලියන 900කින් ඉහළ ගොස් තිබෙනවා.
* සමාජ ආරක්ෂණ ජාලයේ වියදම් අවම වශයෙන් 4%ක පවත්වාගෙන යනවා.
* වරප්‍රසාද වෙනුවට සාධාරණත්වය පදනම් කරගත් ආර්ථික ක්‍රමවේදයක්.
* රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 20%ක මට්ටමට ගෙන ඒම අරමුණයි.
* සෘජු සහ වක්‍ර බදු අනුපාතය 60% - 40% අනුපාතයට ගෙන ඒමට කටයුතු කරනවා.
* මෙවර අයවැය හිඟය 5.2% දක්වා අඩුවෙනවා.
* ආයෝජන ආරක්ෂණ පනත 2026 වසරේ මුල් භාගයේදී සම්මත කරනවා.
* ආයෝජන කලාප ආශ්‍රිත සේවා සඳහා තවත් රුපියල් බිලියන 1,000ක්.
* විදේශීය ආයෝජකයන් සඳහා නේවාසික වීසා ක්‍රමවේදයක්.
* ඉඩම් තොරතුරු ඇතුළත් මධ්‍යම ඩිජිටල් පද්ධතියක් වෙනුවෙන් රුපියල් මිලියන 100ක්.
* ජාතික අපනයන සංවර්ධන සැලැස්ම සඳහා අමතර රුපියල් මිලියන 250ක්.
* ජාතික තනි වෙළෙඳ කවුළුව ඇතුළුව ආයෝජන පහසුකම් සඳහා රුපියල් මිලියන 2,500ක්.
* කර්මාන්ත කලාප සංවර්ධනය සඳහා අමතර රුපියල් මිලියන 1,000ක්.
* ඇප රහිතව ව්‍යවසායකයින්ට ණය දීමට දුන් පොරොන්දුව ඉටු කර තිබෙනවා, ඒ සඳහා රුපියල් මිලියන 4,227ක ණයදී තිබෙනවා.
* කෘෂිකර්ම අගයදාමයන් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 1,700ක් වෙන්කර තිබෙනවා.
* 2026 වසර සඳහා විවිධ ණය වෙනුවෙන් රුපියල් මිලියන 80,000ක්.
* සොබාදහම කේන්ද්‍ර කරගත් සංචාරක සංවර්ධන වැඩසටහන් සඳහා රුපියල් මිලියන 3,500ක් .
* ඌන උපයෝජිත සංචාරක බංගලා පෞද්ගලික අංශයේ සහයෙන් ආදායම් උත්පාදනය කිරීමට යොදා ගන්නවා.
* සංචාරක සහ හෝටල් ක්ෂේත්‍රයේ නිපුණතා සහිත පුද්ගලයින් බිහි කිරීම සඳහා කෙටි කාලීන වෘත්තිය පුහුණු පාඨමාලා ඇති කිරීමට රුපියල් මිලියන 500ක්
* අභ්‍යන්තර ගුවන් ගමන් ප්‍රචලිත කිරීමට රුපියල් මිලියන 1,000ක්.
* කටුනායක ගුවන්තොටුපොළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ලබන වසරේ යළි ආරම්භ කරනවා.
* ඩිජිටල් ආර්ථික සංවර්ධනයට රුපියල් මිලියන 25,000ක්.
* ඩිජිටල් ආර්ථික පනත යටතේ ඩිජිටල් ආර්ථික කවුන්සිලය පිහිටුවනවා.
* පළමු ඩිජිටල් හැඳුනුම්පත 2026 මාර්තු මාසයේදී නිකුත් කරනවා.
* ඩිජිටල් රාජ්‍ය පරිවර්තනය සඳහා රුපියල් බිලියන 30ක්.
* පර්යේෂණ සහ සංවර්ධනය වෙනුවෙන් රුපියල් බිලියන 21ක්.
* මාර්ගගත ක්‍රමය ඔස්සේ රාජ්‍ය ගෙවීම් සිදු කිරීමේදී සේවා ගාස්තු අය නොකිරීමට තීරණයක්.
* රුපියල් 5,000ට වඩා අඩු QR කේත ගෙවීම්වලට කිසිදු අමතර ගාස්තුවක් අය නොකෙරේ.
* කෘත්‍රිම බුද්ධි සේවා මධ්‍යස්ථාන සඳහා රුපියල් මිලියන 750ක්.
* බ්‍රෝඩ්බෑන්ඩ් වවුචර අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල දරුවන්ට ලබාදීමට පියවර.
* අලුත් දුරකථන කුළුණු 100ක් ස්ථාපනයට පියවර - ආයෝජකයින්ට බදු සහන.
* නව පර්යේෂණ වාණිජකරණය සඳහා රුපියල් මිලියන 1,200ක්.
* ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 6,500ක්.
* විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ මෙහෙයුම සඳහා රුපියල් මිලියන 2,000ක්.
* ආබාධිත ප්‍රජාවගේ දීමනා සඳහා රුපියල් මිලියන 19,000ක්.
* පොදු ප්‍රවාහනයේ සනීපාරක්ෂක පහසුකම් වෙනුවෙන් රුපියල් මිලියන 1,000ක්.
* ආබාධිත ප්‍රජාවට පෞද්ගලික අංශයේ රැකියා ලබාදීමට රජයේ පාර්ශ්වයෙන් රුපියල් මිලියන 500ක්.
* අස්වැසුම යටතේ සෑම දරුවෙකුටම අධ්‍යාපන ලිපි ද්‍රව්‍ය සඳහා රුපියල් 6,000ක දීමනාවක් ලබාදීමට රුපියල් මිලියන 9,000ක් වෙන් කෙරේ.
* වෛද්‍ය පීඨ සංවර්ධනය සඳහා රුපියල් මිලියන 11,000ක්.
* මහපොළ ශිෂ්‍යාධාර දීමනාව රුපියල් 2,500කින් ඉහළට - නව දීමනාව රුපියල් 10,000ක්.
* ආබාධිත සහිත දරුවන්ගේ උසස් අධ්‍යාපනය සඳහා රුපියල් 5,000ක මාසික දීමනාවක්.
* ජාතික අධ්‍යාපන පීඨ ශික්ෂණලාභීන්ගේ දීමනාව රුපියල් 2,500කින් ඉහළට.
* වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන වැඩිදියුණු කිරීම ඇතුළුව සමස්ත ක්ෂේත්‍රය සඳහා රුපියල් මිලියන 8,000ක්.
* වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන 50ක් නවීකරණයට පියවර.
* ප්‍රාථමික සෞඛ්‍ය සේවය වෙනුවෙන් ආරෝග්‍ය මධ්‍යස්ථාන ඇති කිරීමට පියවර.
* මූලික රෝහල් වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 31,000ක්.
* ජාතික හෘද ඒකක ගොඩනැගිල්ල පිහිටුවීමට රුපියල් මිලියන 12,000ක්.
* සුවසැරිය ගිලන් රථ සේවය සඳහා රුපියල් බිලියන 4.25ක්.
* ප්‍රජා විද්‍යා සහ සෞඛ්‍ය සමීක්ෂණය වෙනුවෙන් රුපියල් මිලියන 570ක්.
* දඹුල්ල සහ දෙණියාය ප්‍රාදේශීය රෝහල් නැවත ස්ථාපනය කිරීමට රුපියල් මිලියන 10,000ක්.
* ප්‍රජා ශක්ති වැඩසටහනට රුපියල් මිලියන 25,000ක්.
* වතු කම්කරු දෛනික අවම වැටුප රුපියල් 1,550ක් දක්වා ඉහළට - පැමිණීමේ දීමනාව රුපියල් 200ක්, එකතුව රුපියල් 1,750ක්.
* වතු කම්කරුවන්ගේ වැටුප් සඳහා රුපියල් මිලියන 5,000ක ප්‍රතිපාදන වෙන් කෙරේ.
* වතු කම්කරුවන්ගේ වැටුප් සඳහා රුපියල් මිලියන 5,000ක ප්‍රතිපාදන වෙන් කෙරේ.
* මොණරාගල සහ අම්පාර නගරවල ශ්‍රවණාගාර පහසුකම් වෙනුවෙන් රුපියල් මිලියන 200ක්.
* නින්දවූර් නගර සභා ගොඩනැගිල්ල සම්පූර්ණ කිරීම සඳහා රුපියල් මිලියන 300ක්.
* ග්‍රාමීය මාර්ග සංවර්ධනය සඳහා රුපියල් මිලියන 24,000ක්.
* ග්‍රාමීය පාලම් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 2,500ක්.
* වැඩිහිටි ප්‍රජාව සමාජයේ සක්‍රීය පාර්ශ්වකරුවන් කරගැනීමේ ප්‍රතිපත්තිය සැකසීමට රුපියල් මිලියන 10ක්.
* කාන්තා අභිවෘද්ධිය ඉලක්ක කරගත් වැඩසටහන් සඳහා අමතර රුපියල් මිලියන 200ක්.
* විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා සහන පොලියට නිවාස ණය යෝජනා ක්‍රමයක්.
* වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අත්‍යවශ්‍ය වාහන 294ක් සහ සන්නිවේදන උපකරණ ලබා ගැනීමට අනුමැතිය.
* අලි වැට අධීක්ෂණය සඳහා විශේෂ පුහුණුවක් සහිත සිවිල් ආරක්ෂක සේවා නිලධාරීන් 5,000ක්.
* අලි ඇතුන් සඳහා ආහාර සහ ජල මූලාශ්‍ර වෙනුවෙන් රුපියල් මිලියන 80ක්.
* විදුලි වැට ඉදිකිරීම සම්පූර්ණ කිරීමට තවත් රුපියල් මිලියන 1,000ක්.
* අලි මිනිස් ගැටුමට දිගු කාලීන විසඳුම් සොයා ගැනීමට රුපියල් මිලියන 10ක්.
* නාට්‍ය, රංග කලාව සහ සාහිත්‍ය ප්‍රවර්ධනයට තවත් රුපියල් මිලියන 50ක්.
* ජනමාධ්‍ය උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරීනැමීමට රුපියල් මිලියන 100ක්.
* ක්‍රීඩා සංස්කෘතිය ප්‍රචලිත කිරීමට අමතර රුපියල් මිලියන 800ක්.
* ජාත්‍යන්තර ක්‍රීඩා තරග සඳහා සහභාගී වන ක්‍රීඩකයින්ගේ පහසුකම් වෙනුවෙන් රුපියල් මිලියන 1,163ක්.
* උතුරු සහ නැගෙනහිර ක්‍රීඩා සංකීර්ණ සංවර්ධනයට රුපියල් මිලියන 150ක්.
* නිෂ්පාදන සමූපකාර සමිති ගොඩනැගීම සහ තරුණ ව්‍යවසායකයින් නිර්මාණය වෙනුවෙන් රුපියල් මිලියන 500ක්.
* ලොකු ලූනු, අර්තාපල් සහ බඩඉරිඟු මිල යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට රුපියල් මිලියන 1,000ක්.
* දඹුල්ල ශීතාගාර කෘෂි ගබඩාව ඵලදායීව යොදා ගැනීමට අවධානය.
* සුහුරු වාරිමාර්ග ක්‍රම 400ක් සඳහා රුපියල් මිලියන 4,000ක් 2026 වසරේ - වාරිමාර්ග ක්‍රම 100ක්.
* 2030 වසර වනවිට කිරි අවශ්‍යතාවයෙන් 75%ක් දේශීය සපුරා ගැනීමේ ඉලක්කයක්.
* මිල්කෝ කර්මාන්ත ශාලාවේ ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 3,000ක්.
* උතුරු පොල් ත්‍රිකෝණයේ පොල් වගාව වෙනුවෙන් රුපියල් මිලියන 600ක්.
* අක්කර 5ට අඩු පොල් ඉඩම් හිමියන් දිරි ගැන්වීමට රුපියල් මිලියන 2,500ක්.
* ධීවර වරායන්වල පහසුකම් වැඩි දියුණු කිරීමට රුපියල් මිලියන 300ක්.
* ධීවරයින්ගේ ආරක්ෂාව ඉහළ නැංවීමට නවීන තාක්ෂණය ලබාදීම සඳහා රුපියල් මිලියන 350ක්.
* ධීවරයින්ට ජීවිතාරක්ෂක උපකරණ ලබාදීමට රුපියල් මිලියන 100ක්.
* මත්ස්‍ය බිම් තොරතුරු ධීවර ප්‍රජාව වෙත ලබාදීමට රුපියල් මිලියන 100ක්.
* සමුද්‍ර ජෛව තාක්ෂණය සහ මුහුදු පත්ල සම්පත් සංවර්ධනයට රුපියල් මිලියන 100ක්.


Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post