වයස 26ට වැඩි අවිවාහකයන්ටත් අනත්දරු විශ්‍රාම වැටුප ගෙවන්න යෝජනාවක්


 වයස අවුරුදු 26ට වැඩි අවිවාහක පිරිස් සඳහා මවුපියන් මියයාමෙන් පසුව අනත් දරු විශ්‍රාම වැටුප ලබාදීම පිළිබඳව අවධානය යොමු කරන ලෙසට අද(13) පාර්ලිමේන්තුවට ඉල්ලීමක් ඉදිරිපත් වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය සේන නානායක්කාර විසින් මෙම ඉල්ලීම සිදු කළ අතර ඒ සඳහා අවධානය යොමු කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න පැවසුවා.


මහාචාර්ය සේන නානායක්කාර විසින් මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් චන්දන අබේරත්න අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මවුපියන් බලා ගන්නා වයස අවුරුදු විසි හයට වැඩි අවිවාහක දරුවන් වෙනුවෙන් එම මව්පියන් මියගිය පසුව අනත්දරු විශ්‍රාම වැටුප ලබා දීම පිළිබඳව අවධානය යොමු කරන බවයි.


මේ වන විට අනත්දරු විශ්‍රාම වැටුප හිමිවන්නේ වයස අවුරුදු විසි හයට අඩු මවුපියන් අහිමි දරුවන් වෙනුවෙන් පමණයි.


එම දරුවන් මවුපියන්ට සළකා මවුපියන් මියගිය පසුව එම දරුවන් අවිවාහක සිටින කාලය තුළදී තවත් අසරණ වන බවත් ඔවුන් විවාහ වන වයස් සීමාව පසු වු විට ඔවුන් තවත් අසරණ වන නිසා ඔවුන් සඳහා මෙම අවධානය යොමු කරන ලෙසද සේන නානායක්කාර ඉල්ලා සිටියා.


එවැනි දරුවන්ට එම මවුපියන් මිය යාමෙන් පසුව මවුපියන්ගේ කේෂ්ත්‍රයේ‍ රැකියා අවස්ථා ලබාදීමට හැකියාවක් තිබෙනවා නම් ඒ සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙසද සේන නානයක්කාර මන්ත්‍රීවරයා ඉල්ලීමක් කළා.



✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post