සුභ ආරංචියක් මේ ලෙඩවල ඖෂධ 350ක මිල අඩුවෙයි - ආයෙ ලොකු වියදමක් නැහැ


 විවිධ රෝග රැසකට භාවිත කරන ඖෂධ වර්ග තුන්සිය පනහක මිල අඩුකර ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසයි.

ඒ අනුව ළමා රෝග, පිළිකා, දියවැඩියාව, අධි රුධිර පීඩනය ඇතුළු රෝග රැසක් සඳහා දෙන ඖෂධ වර්ගවල මිල මෙසේ අඩුකර ඇති ඔසුහල් ඇතැම් ඖෂධවල මිල සියයට හැටත් හැත්තෑවක් අතර ප්‍රමාණයකින් අඩුවන බවද ඔහු පෙන්වා දෙයි.

මෙසේ මිල අඩුකර ඇති ඖෂධවල නාම ලේඛනය ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් මේ සති අන්තයේ මාධයයේ ප්‍රකාශයට පත්කරන බව සඳහන්. මෙම ඖෂධ තුන්සිය පනහට අමතරව ඉදිරි දෙසතියේදී තවත් ඖෂධ වර්ග දෙසීයකගේ මිල අඩු කිරීමටද ජාතික ඖෂධ නියාමන අධිකාරිය තීරණය කර තිබෙන බව සඳහන්.


මෙම ඖෂධ වර්ගවලට පනවා ඇති උපරිම සිල්ලර මිල කඩකරන ඖෂධ අලෙවි කරන අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව අවධාරණය කරන විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, ඒ ගැන පැමිණිලි ජාතික ඖෂධ නියාමන අධිකාරියට යොමු කරන ලෙසටද ඉල්ලීමක් කරයි.


ඔසුහල් පමණක් නොව පෞද්ගලික රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් හට ජාතික ඖෂධ නියාමන අධිකාරිය ප්‍රකාශයට පත්කර ඇති මිලට ඖෂධ දිය යුතු බවත්, එම උපරිම සිල්ලර මිල කඩකරන රෝහල්වලට එරෙහිවද නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු අවධාරණය කළේ ය. මෙමගින් රෝගීන්ට ඉහළ ප්‍රතිලාභ අතපත් කර ගත හැකිවේ.


✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post