ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්මිත්‍රි මන්දනාගේ විවාහය අතරමග නතර වෙයි


 ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ජනප්‍රියතම සුපිරි තරුවක් වන ස්මිත්‍රි මන්දනා ඇගේ විවාහ උත්සවය කල් දැමීමට තීරණය කර ඇත.

ඇයගේ විවාහය ඊයේ (23) දිනයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබුණි.

නමුත් උත්සවය අතරතුර ඇගේ පියාට හදිසියේම ඇති වූ හෘදයාබාධ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය විසින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

ස්මිත්‍රි පවසා ඇත්තේ ඇගේ පියා නොමැතිව විවාහ උත්සවය ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි බවය.

ස්මිත්‍රිගේ පෙම්වතා වුයේ ඉන්දියාවේ තරුණ සංගීත අධ්‍යක්ෂකවරයෙකු සහ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වූ පලාෂ් මුචල්ය.

විවාහය කල් දැමීමත් සමඟ ඔහුගේ ද සෞඛ්‍ය තත්ත්වය නරක අතට හැරීමෙන් ඔහුව ද රෝහල් ගත කර ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.


✅✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post