බිරිදගේ හොද හොද වීඩියෝ ෆොටෝස් බිරිඳගේ නැගණියට යවපු ජනප්‍රිය ගායන ශිල්පියෙකු අත්අඩංගුවට


 සිය බිරිඳගේ අසභ්‍ය වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ බිරිඳගේ නැගණියට යොමු කිරීමේ චෝදනාවට තමන් වරද පිළිගන්නා බව ජනප්‍රිය ගායන ශිල්පියෙකු, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග බෝදරගම හමුවේ ඊ​යේ (20 වැනිදා) ප්‍රකාශ කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක ​අපරාධ විමර්ශන ඒකකය විසින් පවරා තිබූ නඩුවක් ඊයේ කැඳවූ අවස්ථාවේදී සැකකාර ගායකයා අධිකරණ විත්ති කූඩුව තුළ සිටිමින් සිය නීතිඥ ජගත් බණ්ඩාර මාර්ගයෙන් ඒ පිළිබඳව ප්‍රකාශ කළේය.

සිය අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ පට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් කැලණිය පදිංචි සැකකරුගේ බිරිඳ විසින් කරන ලද පැමිණිල්ලක් මත මෙම නඩුව සැකකරුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබිණි.

මෙම සිද්ධියට අදාළ නඩුව ඊ​යේ කැඳවූ අවස්ථාවේදී සැකකාර ගායකයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජගත් බණ්ඩාර කරුණු ඉදිරිපත් කරමින් සිය සේවාදායකයා ​චෝදනාවලට වරද පිළිගෙන කෙටියෙන් නඩුව අවසන් කරගැනීමට කැමැති බව ප්‍රකාශ කළේය.

සිය සැමියා දිනෙන් දින ජනප්‍රියවීමත් සමග බීමත්කමට ඇබ්බැහි වූ බවත්, අනියම් සම්බන්ධතාවලට නැඹුරු වූ බවත් පැමිණිලිකාරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.

අදාළ සැකකරු චෝදනාවන්ට වරද පිළිගන්නා බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව සැකකරුගේ ඇඟිලි සලකුණු වාර්තාවක් ලබාගන්නා ලෙස නියම කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සැකකරුගේ පෙර වැරැදි සම්බන්ධ‍යෙන් වන වාර්තාවක්ද කැඳවන ලෙස නියෝග කළේය.

පැමිණිලිකාරිය අධිකරණය හමුවේ ඊයේ දින පෙනී නොසිටීම යන කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අදාළ නඩුව ලබන මස 19 වැනිදා කැඳවන ලෙස නියම කළේය.


✅✅✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post