පේදුරුතුඩුව, හාර්ට්ලි විද්‍යාලයේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙකු සර්ප දෂ්ටනයකට ලක්වීම හේතුවෙන්, වෛද්‍යවරුන්ගේ හා හෙදියන්ගේ දැඩි අධීක්ෂණය යටතේ විභාගයට පෙනී සිටීමට බලධාරීන් විසින් අවසර ලබා දී තිබෙනවා.
එම සිසුවා සිකුරාදා දින විභාග මධ්‍යස්ථානයට පැමිණ ඇති අතර, විභාගය ආරම්භ වී රුධිරය ගලා යන්නට පටන් ගන්නා තුරුම තමන්ගේ පාදයට සර්පයෙකු දෂ්ට කර ඇති බවට ඔහුට වැටහී නොමැති බව සඳහන්.
තුවාලයේ ස්වභාවය අනුව සෞඛ්‍ය අංශ සැක පළ කරන්නේ සිසුවා පාසල් භූමියේදී සර්ප දෂ්ටනයට ලක්ව ඇති බවටයි.
සිද්ධිය සැල වූ වහාම ක්‍රියාත්මක වූ විභාග අධීක්ෂකවරුන් විසින් සිසුවාව ගිලන් රථයකින් ආසන්න රෝහලකට රැගෙන ගොස් තිබෙන අතර, ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු, ශිෂ්‍යයා නැවත විභාග ශාලාවට පැමිණ විභාගයට පෙනී සිට ඇති බව සඳහන්.
විභාගය අවසන් වීමෙන් පසු ඔහුව වැඩිදුර ප්‍රතිකාර සඳහා නැවතත් රෝහල් ගත කර තිබෙනවා.
ඊයේ දින ඉතිරි විභාග පත්‍රය සඳහා ඔහු විභාග පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ ගිලන් රථය තුළදීම පිළිතුරු සපයා ඇති බවයි සඳහන් වන්නේ.
✅✅✅✅✅✅✅✅✅✅
