අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පාසල් පාවහන් මිලදී ගැනීම සඳහා ලබා දෙන වවුචර්පත මගින් දේශීය කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන මිලදී ගැනීමට අවස්ථාවක් ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත.
මෙම ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්විය.
අධ්‍යාපන අමාත්‍යාංශය සහ කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය එක්ව නව ව්‍යාපෘතියක් ලෙස දියත් කිරීමට නියමිත මෙම ව්‍යාපෘතියේ දී සිසුන් 250ට අඩුවෙන් සිටින පාසල්, සිසුන් 251 -500 අතර සිටින වතු පාසල්, විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සිටින පාසල් සහ පිරිවෙන් ගිහි පැවිදි ශිෂ්‍ය ප්‍රජාව ඇතුළු පාසල් සිසු සිසුවියන්ට දේශීය ව නිෂ්පාදනය කරන ලද පාසල් සපත්තු මිලදී ගැනීමට අවස්ථාව හිමිවේ.
ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනය මගින් මෙම පාවහන්වල ප්‍රමිතිය නිරීක්ෂණය කරන අතර මෙම ව්‍යාපෘතිය සඳහා කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශයේ ලියාපදිංචි දේශීය නිෂ්පාදකයන් පමණක් තෝරා ගන්නු ලබයි.
වසරක වගකීමක් යටතේ ගුණාත්මක සපත්තු සැපයීමට නිෂ්පාදකයන් එකඟ වී ඇති බවත් පාසල් වෙත සෘජු ව ම අලෙවිකරුවන් යෑම හේතුවෙන් සිසුන්ට නිවැරැදි ප්‍රමාණයේ සපත්තු තෝරා ගැනීමට අවස්ථාව සැලසෙන බවත් කර්මාන්ත සහ සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මෙහිදි සඳහන් කළේය.
මෙහි නියමු ව්‍යාපෘතිය යටතේ බස්නාහිර සහ දකුණ යන පළාත්වල පාසල් තෝරාගෙන ඇති අතර එහි ශක්‍යතා අධ්‍යයනයෙන් පසුව අනෙකුත් පළාත්වල මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිම සුදුසු බව අග්‍රාමාත්‍යවරිය පැවසීය.
✅✅✅✅✅✅✅✅
