මේක අයවැයක් නෙවේ.. පච මල්ලක්’ සජිත් කියයි.!


 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ 2026 වසර සඳහා වන අයවැයක් නොව, ජනතාව මුලා කරන “බොරු පච මල්ලක්” බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි.

සමගි ජන බලවේගයේ හොරණ ප්‍රධාන පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ, ජනාධිපතිවරයා මැතිවරණ සමයේදී ලබාදුන් “පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” යන පොරොන්දුව සහ අයවැය යෝජනා අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

වත්මන් රජය, ගොබෙල්ස්ගේ න්‍යාය අනුගමනය කරමින් දිගින් දිගටම බොරුව සමාජගත කර, එමගින් රාජ්‍ය බලය රඳවා ගැනීමට උත්සාහ දරන බවටද ඔහු චෝදනා කළේය.

තවදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා, රටේ ජනගහනයෙන් 40%ත් 50%ත් අතර ප්‍රමාණයක් පීඩා විඳින දරිද්‍රතාවයට විසඳුම් ලබා දීමට කිසිදු දර්ශනයක්, දැක්මක් හෝ වැඩපිළිවෙළක් මෙම අයවැය තුළ අන්තර්ගත නොවන බව අවධාරණය කළේය.

2022 වසරට පෙර පැවති ජීවන තත්ත්වයවත් තවමත් ජනතාවට ලබා දීමට රජය අපොහොසත් වී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

“නව IMF ගිවිසුමක්” ගැන කතා කළද, ඇත්ත වශයෙන්ම සිදුව ඇත්තේ හිටපු ජනාධිපතිවරයාගේ පාලන සමයේ ඇති කරගත් IMF ගිවිසුමම ඉදිරියට ගෙන යාම බවට විපක්ෂ නායකවරයා චෝදනා කළේය.

රටට අත්‍යවශ්‍ය සෘජු විදේශ ආයෝජන ගෙන්වා ගැනීමට කිසිදු ක්‍රමෝපායක් නොමැති රජය, “විසිතුරු වදන් හරඹ” මගින් ජනතාව රවටා බලයේ රැඳී සිටීමට උත්සාහ කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.


✅✅✅✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post