අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ අනන්‍යතාව තහවුරු කරගැනීම සඳහා මුහුණ නිරාවරණය කරලා තිබිය යුතු බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරී ලියනගේ සඳහන් කළාය.
උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලුම කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බවද විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරී ලියනගේ සඳහන් කළාය.
තවද උසස් පෙළ විභාගය ආරම්භ වීමට නියමිත වේලාවට පැයකට පෙර සියලුම අයදුම්කරුවන් විභාග මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතු බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළාය.
උසස් පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 340,525 දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර පාසල් අයදුම්කරුවන් 246,521 දෙනෙකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 94,004 දෙනෙකු ඊට ඇතුළත්ය.
විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළේ,
“ඔබගේ අනන්‍යතාව තහවුරු කරගැනීම සඳහා ඔබගේ මුහුණ නිරාවරණය කරලා තිබෙන්න ඕනේ. සම්පූර්ණ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළම. ඒ වගේම ඔබගේ කන් නිරාවරණය කරලා තියෙන්න ඕනේ.
මොකද දැන් තිබෙන සන්නිවේදන උපකරණ යම් අපේක්ෂකයෙකු පැළඳගෙන සිටින්නට පුළුවන්. එවැනි විභාග වංචා වැළැක්වීම සඳහා තමයි එම නීති ක්‍රියාත්මක වන්නේ.”
“තවත් විශේෂ කරුණක් තිබෙනවා. බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට උත්තර සපයද්දි උත්තර ලකුණු කරනවා බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ.
අපි පිළිතුරු පත්‍රය විදියට භාර ගන්නේ අපි ලබාදෙන පිළිතුරු පත්‍රයේ සටහන් කරන පිළිතුරු පත්‍රය පමණයි. එනිසා අපේක්ෂකයන් වෙලාව කළමනාකරණය කරගෙන නිවැරදි පිළිතුරු පත්‍රයේ සටහන් කරන්න ඕනේ.”
✅✅✅✅✅✅✅✅✅✅
