තලාවේ බස් රථ අනතුරේ නවතම තත්ත්වය මෙන්න


 බස් අනතුරින් මේ වන විට එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 25කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ තලාව ප්‍රදේශයේ සිට 411 ගම්මානය දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් වන අතර අනතුර සිදුවන අවස්ථාවේ 40කට ආසන්න පිරිසක් බස් රථයේ ගමන් කර ඇත.

————————————————————————————————————————————————————————————

අනුරාධපුර, තලාව, ජයගඟ හන්දිය ප්‍රදේශයේ පෞද්ගලික බස් රථයක් පෙරළීයාමෙන් අනතුරක් සිදුව තිබේ.


එහිදී අනතුරින් තුවාල ලැබූ පිරිස තලාව රෝහල වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බව තලාව පොලීසිය සඳහන් කළේය.


තුවාල ලැබූවන් අතර උස්ස පෙළ විභාගයට පෙනී සිටි දරුවන් ද  වන බව පොලීසිය පැවසීය.

තුවාලකරුවන් මේ වනවිට තඹුත්තේගම සහ තලාව රෝහල් වෙත ඇතුළත් කර ඇතැයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.


✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post