වකුගඩුවක් විකුණා අමුතුම වැඩක් කරපු පුද්ගලයකු අත්අඩංගුවට


 තම වකුගඩුවක් විකුණා එම මුදලින් මත්ද්‍රව්‍ය පානය කළ බව කියන, දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු, පිටකොටුවේ විදෙස් රන් සහ රිදී භාණ්ඩ අලෙවිසැලක් කොල්ලකා රුපියල් ලක්ෂ 60කට අධික වටිනාකමකින් යුත් රන් සහ රිදී ආභරණ තොගයක් සොරකම් කර තිබියදී පිටකොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 1993 වර්ෂයේ දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු ලෙස සටහන්ව ඇති 60 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු විසින් සොරකම් කරන ලද රන් ආභරණ අතර පවුම් 3කට ආසන්න ප්‍රමාණයක් සහ රිදී ආභරණ කිලෝ 3කට ආසන්න ප්‍රමාණයක් බොරැල්ල, සිරීසඳ උයන මහල් නිවාස සංකීර්ණයක පිහිටි වෛද්‍යවරයෙකුගේ නිවසක සඟවා තිබියදී සොයාගෙන ඇත.

සැකකරු පිළිබඳ හෙළිදරව් කරගත් තොරතුරු මත පොලීසිය මෙම වැටලීම සිදුකර තිබේ.

පසුගිය මස 25 වැනි දින, සැකකරු රාත්‍රී කාලයේදී මෙම රන් ආභරණ අලෙවිසැලේ ටෙම්පර්ඩ් ග්ලාස් දොරගුළු කඩා, එහි ඇලුමිනියම් වහලයද කපා ඉවත් කර, ගොඩනැගිල්ල තුළට ඇතුළු වී මෙම මහා පරිමාණ සොරකම සිදුකර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.


✅✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post