ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්


 ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයා ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කොට තිබේ.

ඒ අනුව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම අඛණ්ඩව සිදුකරන බවට සඳහන් කරයි.

වැඩිදුරටත් ඔවුන් සඳහන් කරන්නේ ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා මේ වන විට ලක්ෂ පහළොවක පමණ ඉල්ලුම්පත් ලැබී ඇති බවයි.

එම සම්පූර්ණ නිවේදනය පහතින්,

"පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනය ජාතික හැදුනුම්පත් මුද්‍රණය සදහා භාවිතා කරනු ලබන පෙර මුද්‍රිත හිස් කාඩ්පත් මිල දී ගැනීම සදහා ආරම්භ කරන ලද ප්‍රසම්පාදන කිහිපයක් දෙපාර්තමේන්තුවේ පාලනයෙන් බැහැර කරුණු මත අඛණ්ඩව අවලංගු වීම නිසා ඇති වූ කාඩ්පත් හිගය හේතුවෙන් තිබෙන කාඩ්පත් කළමනාකරණය කරගෙන ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ අරමුණෙන් දැනට වසර පහක (05) පමණ කාලයක සිට ජාතික හැඳුනුම්පත වෙනුවට භාවිතා කළ හැකි ජාතික හැදුනුම්පතෙහි තොරතුරු තහවුරු ලිපියක් පාසල් ඉල්ලුම්කරුවන් වෙත නිකුත් කරමින් පවතියි.

මේ වන විට ලක්ෂ 15ක පමණ ඉල්ලුම්පත් ප්‍රමාණයක් ජාතික හැඳුනුම්පත් මුද්‍රණය කර ලබා දීමට පවතින අතර, එම හැඳුනුම්පත් ක්‍රමානුකූලව මුද්‍රණය කර ලබා දීම මෙම දිනවල සිදු කරමින් පවතියි. දෙපාර්තමේන්තුව වෙත දෛනිකව ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට පැමිණෙන අනෙකුත් සාමාන්‍ය ඉල්ලුම්කරුවන් වෙත බාධාවකින් තොරව අඛණ්ඩව ජාතික හැඳුනුම්පත් නිකුත් කෙරෙයි.

මුද්‍රණ යන්ත්‍ර දෝෂ සහ සේවක සහයෝගය ජාතික හැඳුනුම්පත් අදාළ ඉල්ලුම්කරුවන් වෙත තැපැල් කිරීම සඳහා යොදා ගනු ලබන ලිපි කවරයන්හි ලිපිනයන් මුද්‍රණය කරන යන්ත‍්‍ර පසුගිය මාර්තු මාසයේ දී දෝෂයකට ලක්වූ අතර ඒ වන විට ද වගකීම් කාලය තුළ පැවති බැවින් එම යන්ත්‍ර ඒවා සැපයූ ආයතනය වෙතම යොමු කර කඩිනමින් අලුත්වැඩියා කිරීමෙන් අනතුරුව නැවත ගෙන්වා ගන්නා ලදි.

එම යන්ත්‍ර අලුත්වැඩියාවට යොමු කරන ලද කාලය සහ අවශ්‍ය මුද්‍රණ පාරිභෝජක ද්‍රව්‍ය සපයා ගැනීමට ගත වූ කාලය තුළ ද තාවකාලික විසඳුමක් ලෙස, දෙපාර්තමේන්තු නිලධාරින් යොදවා ලිපි කවරයන්හි ලිපිනයන් අතින් ලියා හැඳුනුම්පත් නිකුත් කිරීමේ සේවාව අඛණ්ඩව පවත්වාගෙන යන ලද අතර, එහිදී නිලධාරින් විසින් එම කාර්යය කාර්‍යක්ෂමව ඉටු කිරීම හේතුවෙන් එම කාලය තුළ ද හැඳුනුම්පත් 45,000කට ආසන්න සංඛ්‍යාවක් නිකුත් කිරීමට දෙපාර්තමේන්තුව සමත්ව ඇත.

මේ වන විට එම යන්ත්‍ර ලිපි කවර මුද්‍රණය සදහා සාමාන්‍ය පරිදි ගැටලුවකින් තොරව යොදා ගැනීම සිදු වේ.කිසිදු අවස්ථාවක ජාතික හැදුනුම්පත් මුද්‍රණ යන්ත්‍රවල දෝෂ සහගත තත්ත්වයන් ඇති වී නොමැත. පාසල් ඉල්ලුම්කරුවන් සදහා ජාතික හැදුනුම්පත් නිකුත් කිරීම

• 2005 වසරේ උපන් පාසල් ඉල්ලුම්කරුවන් සඳහා ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම දැනටමත් අවසන් කර ඇත.

• 2006 වසරේ උපන් පාසල් ඉල්ලුම්කරුවන් සඳහා ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම, එළඹෙන දෙසැම්බර් මස සිට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

• ඉන් අනතුරුව 2007 වසරේ සිය ඉදිරි වර්ෂවල උපන් පාසල් ඉල්ලුම්කරුවන් සදහා ද ක්‍රමානුකූලව ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමට කටයුතු කරනු ඇත.

• මෙම සියලු ඉල්ලුම්කරුවන් වෙත දැනට නිකුත් කර ඇති ජාතික හැඳුනුම්පතෙහි තොරතුරු තහවුරු කිරීමේ ලිපිය සියලු විභාග ඇතුලුව තම අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා අවශ්‍ය සියලු අවස්ථාවන්හි දී කිසිදු බාධාවකින් තොරව භාවිතා කළ හැකිය. ජාතික හැදුනුම්පත් මුද්‍රණය අඛණ්ඩව සිදුවේ.

• පසුගිය වසරේ දී ඇණවුම් කරන ලද පෙර මුද්‍රිත හිස් කාඩ්පත් මිලියන 2.3 ක ප්‍රමාණයක් මෙම වසරේ ජුනි මාසය දක්වා දෙපාර්තමේන්තුවට ලැබී ඇති අතර, දැනට එම කාඩ්පත් කළමනාකරණය කර ගනිමින් ජාතික හැඳුනුම්පත් මුද්‍රණය අඛණ්ඩව සිදු කරනු ලබයි.

• දෙපාර්තමේන්තුවේ ඉදිරි අවශ්‍යතාවය සදහා පෙර මුද්‍රිත හිස් කාඩ්පත් මිළ දී ගැනීම සදහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කර මේ වන විට ලංසු කැදවමින් පවතී.

• ඒ අනුව, සියලු ශ්‍රී ලාංකික පුරවැසියන් වෙත ප්‍රමාදයකින් තොරව ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම කිසිදු බාධාවකින් තොරව ඉදිරියේ දී පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු පියවර නිසි පරිදි ගෙන ඇත.

මෙම දෙපාර්තමේන්තුව මගින් නිල වශයෙන් තහවුරු කර ගන්නා තොරතුරු පමණක් මාධ්‍ය මගින් පළ කිරීමට කටයුතු කරන්නේ නම් මහජනතාව වෙත වඩාත් නිවැරදි තොරතුරු ලබා දීමට හැකි වන බැවින් සෑම අවස්ථාවක ඒ සදහා අවශ්‍ය සහයෝගය ලබා දීම සදහා මෙම දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලැබේ. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්  


✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post