ශිහාන් මිහිරංග යනු ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රය තුළ තවම තරුණ තරුණියන්ගේ හදවත දිනාගත්තු ආදරණීය සිහින තරුවක්. ඔහුගේ ආකර්ෂණීය බව නිසාම බොහෝ දෙනෙක් ඔහුට ආදරය කරනවා.
ඔහුගේ එළිමහන් ප්‍රසංගයක් බැලීමට අති විශාල ජන කොට්ඨාසයක් ඒකරාශී වී සිටිනවා. එවැනි අවස්ථාවකදී සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජ මාධ්‍ය පුරාවට වීඩියෝ දර්ශන පටයක් හුවමාරුවී තිබේ.
ඒ අනුව පසුගිය දවස්වල බුකියේ සිහින කුමාරයා නමින් ශිහාන් මිහිරංඟගේ ගීත ගායනා කරපු තරුණයෙක් ඉතා අසභ්‍ය පරුෂ වචන භාවිතා ශිහාන් මිහිරංගගේ ආදරණීය මවට බැණ වැදී තිබේ.ඒ වීඩියෝවක් හරහායි.
මෙම සිද්ධිය හේතුවෙන් ශිහාන්ගේ ප්‍රසංගයක් අතරතුර සිටි අශ්වික නැමති මෙම තරුණයාට තමන්ගේ මවට බැන්න හේතුව මත ශිහාන් වේදිකාව උඩ දීම සියලු දෙනාට ඇසෙන්න ඔහු කළ වරද මතක් කර දී තිබේ.
එහිදී,
"මෙච්චර දවසක් මම ඔයාට මගේ සින්දු ටික දීලා උදව් කළා.අම්මව පාවිච්චි කරන්න එපා මල්ලි.ඒත් මට මගේ අම්මට බනින්න දෙන්න බෑ.මගේ අම්මට බැන්නට පස්සෙ ඔයාගේ මූණවත් බලන්න මම කැමති නෑ.ප්ලීස් ඔයා යන්න මෙතනින්.නැත්නම් ඔයා ස්ටේජ් එකට එන්න මම යන්නම් මෙතනින්"
යනුවෙන් ඔහු සඳහන් කර තිබේ ඒ අවස්ථාවේදීම ආරක්ෂක නිලධාරීන් විසින් අදාල පුද්ගලයාව එම ස්ථානයෙන් ඉවත් කොට තිබේ.

