ඉදිරි පැය 12 අවදානම්.. කාලගුණයෙන් අනතුරු අඟවයි.!


 කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 12 දක්වා වලංගු වන පරිදි තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් ඉදිරි පැය 12 දක්වා වලංගු වන පරිදි මෙම නිවේදනය නිකුත් කර ඇත.

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (ITCZ) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බවත් බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්ක සඳහා සැලකිලිමත් වන ලෙසද සඳහන් කරයි.

තවද දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද සඳහන් කරයි.

තද වැසි සමඟ ඇති විය හැකි තද සුළං සහ ප්‍රබල අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.


✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post