තමා ජීවිතයේ ලද ලොකුම අත්දැකීම පසුගිය කාලසීමාවේදී ලබාගත් බව හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසනවා.
අද (14) ඇප ලබා පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, තම නිවස ගිනි තබා ඉන් අනතුරුව තමාව සිරගත කළ බවත් එයින් සතුටු වන පිරිස් සතුටු වනු ඇති බවයි.
ඉදිරි දේශපාලන කටයුතු සඳහා මෙම අත්දැකීම් තමාට ශක්තියක් වනු ඇති බව ඔහු සඳහන් කළා.
එමෙන්ම මෙය දේශපාලන පළිගැනීමක් වුවද ඒ පිළිබඳව තමාට කිසිදු ගැටලුවක් නොමැති බවට පැවසූ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා, රටේ නීතිය තමන්ට සාධාරණය ඉටු කරනු ඇතැයි විශ්වාස කරන බවද එහිදී කියා සිටියා.
අරගල සමයේදී සිය නිල බලය භාවිතා කොට අයථා ලෙස වන්දි ලබා ගැනීමේ චෝදනාවක් මත හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඉකුත් අගෝස්තු 06 දින අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.
සෙවනගල – කිරිඉබ්බන් වැව ප්‍රදේශයේ රජයේ ඉඩමක පිහිටි අනවසර ගොඩනැගිල්ලකට හානි පූර්ණය සඳහා වන කාර්යාලයේ නිලධාරීන්ට බලපෑම් කර රුපියල් 8,850,000 ක් වන්දි ලබා ගත් බවට ඔහුට චෝදනා එල්ල වුණා.
✅✅✅✅✅✅
