පසුගිය වසරේ 5ක් ජීවිතක්ෂයට පත්වූ මෝඩ ක්‍රියාවෙන්ම තවත් 2ක් පුත්තලමේදී ජීවිතක්ෂයට.!


 පුත්තලම, නාරක්කල්ලිය ප්‍රදේශයේ ධීවර වාඩියක සිටි පුද්ගලයින් පිරිසක්, මුහුදේ සිට වෙරළට ගසාගෙන ආ බෝතලයක තිබූ හඳුනා නොගත් ද්‍රාවණයක් පානය කිරීමෙන් අනතුරුව, දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු රෝහල් ගත කිරීමේ ඛේදජනක සිදුවීමක් වාර්තා වේ.

මෙම ධීවර වාඩියේ පුද්ගලයින් සිව් දෙනෙකු රැඳී සිට ඇති අතර, මුහුදේ පාවෙමින් තිබී වෙරළට ගසාගෙන ආ බෝතලයක් ඔවුන් විසින් සොයාගෙන තිබේ. පසුව, එහි තිබූ ද්‍රාවණය ඔවුන් විසින් පානය කර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙම හඳුනා නොගත් ද්‍රාවණය පානය කිරීමෙන් සුළු මොහොතකට පසු, එක් පුද්ගලයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ. අනෙක් තිදෙනා, ඇති වූ හදිසි රෝගී තත්ත්වයන් හේතුවෙන් ප්‍රදේශවාසීන් විසින් වහාම පුත්තලම මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.

රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව, ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කළේය.

මෙම සිදුවීමෙන් දිවි ගලවා ගත් අනෙක් පුද්ගලයින් දෙදෙනා තවමත් පුත්තලම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

පසුගිය වසරේ ජූනි මාසයේදී ද, මීට බෙහෙවින් සමාන ඛේදවාචකයක් වාර්තා වූ අතර, එහිදී ද ගැඹුරු මුහුදේ හීවර රැකියාවට ගොස් සිටි පිරිසක් විසින් මුහුදේ පාවී ආ බෝතලයක තිබූ විෂ ද්‍රාවණයක්, මත්පැන් යැයි වරදවා වටහාගෙන පානය කිරීම හේතුවෙන් ධීවරයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

මෙවැනි සිදුවීම් නැවත නැවතත් වාර්තා වීම, මුහුදෙන් හමුවන නාඳුනන බහාලුම්වල ඇති දෑ පරිභෝජනය කිරීමේ ඇති බරපතල අවදානම පිළිබඳව යළි යළිත් අවධාරණය කරයි.

වත්මන් සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර, මරණයට හේතු වූ මෙම අද්භූත ද්‍රාවණය කුමක්ද යන්න පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.


✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post