බරවා පරීක්ෂාවන් සඳහා රාත්‍රි කාලයේ නිවෙස්වලට පැමිණෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු නිලධාරීන්ට සහාය ලබාදෙන ලෙසට බරවා මර්දන ව්‍යාපාරයේ අධක්ෂ ප්‍රසන්ග සේරසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බරවා මර්දන ව්‍යාපාරයේ අධක්ෂ ප්‍රසන්ග සේරසිංහ මහතා,
“බරවාවලදී අපි ගාවට රෝගීයෙක් රෝග ලක්ෂණ එක්ක පැමිණෙන්නේ අදාළ පුද්ගලයා අවුරුදු 10ක් 15ක් 20ක් ගිහිල්ලා. පාර තොටේ දකින කකුල් ඉදිමුණ, විශේෂ අවයවවල ඉදිමුම් සහිත බොහෝ අපසුතාවලින් සිටින රෝගීයෙක් හඳුනාගන්නේ ගොඩක් කල් ගිහිල්ලා. මේ රෝගීන් ඇත්තටම අපි හඳුනාගැනීමක් කරන්නේ රාත්‍රී කාලයේදී අදාළ ප්‍රජාව තුළ සිදුකරන විශේෂ රුධිර පඨල පරික්ෂාවන් මගින්. මේ අවුරුද්දේ රෝගීන් 27ක් හඳුනාගන්නවා අපේ පරිසරය ඇතුළේ සැකසහිත දිස්ත්‍රික්කවල ඉන්න නිරෝගී හැටියට පෙනීසිටින පුද්ගලයින්ගේ රුධිර පඨල හරහා. අපි මේ හරියටම ඉලක්ක කරලා යන්නේ ලංකාවෙ ඇතුළේ මේ රෝගය කලින් ඉදන් පැතිරුණ සහ අපේ පරණ විස්තරත් එක්ක වැඩි අවදානමක් තියෙන ස්ථානවල.
නමුත් මේ වනවිට අපට ගැටලුවක් තියෙනවා කිසියම් ආකාරයක වැරදි විදිහට නිර්මාණය කළ හඬපටයක් තැන් තැන්වල ප්‍රචාරය වෙනවා “රාත්‍රී කාලයේ ලේ ගන්න කණ්ඩායම් එනවා ඒ අයට ලේ දෙන්න එපා අල්ලලා ගහලා බැදලා පොලීසියට භාරදෙන්න” කියලා මේ වගේ වැරදි ප්‍රචාරයක් යන එකත් එක්ක අපි රාත්‍රීකාලයේදී කරන රුධිර පඨල පරික්ෂාවන් එක්ක ලොකු බාධාවක් තියෙනවා. එතකොට මේකෙදි ඇත්තටම අපි හරි විදිහේ දැනුම්වත් කිරීම් සහිතව අදාළ දිස්ත්‍රික්කවල සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය සහිතව ඒ සඳහා අනුමත නිලධාරීන් එයාලගේ නිල ඇඳුමෙන් සැරසිලා, රාජකාරි හැදුනුම්පත සහිතව හරි විදියේ දැනුම්වත් කිරීමක් සහිතව යන ගමනක්. මේ අවස්ථාවේදී ඔයාලගේ උදව් ඕනේ.”
✅✅✅✅✅
