මහ බැංකු අධිපතිගෙන් මුළු රටටම සුබ පණිවිඩයක්


ඉතිහාසයේ ප්‍රථම වතාවට වසර සඳහා නියමිත සියලුම මූල්‍ය ඉලක්ක ඉක්මවීමට මෙම වසරේදී හැකි බවට දැඩි විශ්වාසයක් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඒ අනූව ආදායම, වියදම, ප්‍රාථමික අතිරික්තය සහ සමස්ත මූල්‍ය හිඟය ඇතුළුව මේ කටයුතු සිදුවනු ඇති බවයි සඳහන්.

වාහන ආනයන බදු ආදායම මෙහි ප්‍රධාන සාධකය බවයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරන්නේ.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සඳහන් කළේ, රජය සිය මූල්‍ය ඉලක්ක සපුරා ගැනීමේදී වාහන ආනයනය සහ එමගින් ලැබුණු බදු ආදායම සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළ බවයි.


“වැඩි වූ වාහන ආනයනය හේතුවෙන් අපේක්ෂා කළාට වඩා වැඩි ආදායමක් රජයට රැස් කර ගැනීමට හැකි වුණා. ඇත්ත වශයෙන්ම, රජය සිය ආදායම් ඉලක්කය ඉක්මවා ගොස් තිබෙනවා,” යනුවෙන් ආචාර්ය වීරසිංහ ‘2025 මූල්‍ය ස්ථායිතා සමාලෝචනය’ මාධ්‍ය වෙත ඉදිරිපත් කරමින් පැවසුවා. 


✅✅✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post