සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාට පාතාල සම්බන්ධ පුද්ගලයින්ගේ සහසම්බන්ධතාවයක් හේතුවෙන් තර්ජනය එල්ලවි තිබෙන බව පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා පවසනවා.
ඔහු පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා හට මේ වන විට තාවකාලික ආරක්ෂාවක් ලබා දි තිබෙන බවයි.
ඊයේ (26) මහරගම ප්‍රදේශයේ දි මාධ්‍යවෙත අදහස් දක්වමින් පොලිස්පතිවරයා මේ බව පවසා සිටියා.
මෙම පුද්ගලයන්ට තර්ජන නිර්මාණය වී ඇත්තේ කුමන ආකාරයෙන්ද යන්න පිළිබඳව විවෘත විමර්ශන සිදුකරන බවද පොලිස්පතිවරයා අවධාරණය කළා.
තවද පොලිස්පතිවරයා පවසා සිටියේ මත්ද්‍රව්‍යවලට මෙන්ම පාතාලයට සම්බන්ධ පුද්ගලයින් දේශපාලනයට පැමිණ තිබෙන බවත් ඉදිරියේදි ජාතික දේශපාලනයට පැමිණිමට සිටින බවයි.
එහිදි ඔහු අවධාරණය කර සිටියේ දේශපාලන පක්ෂ විසින් මෙම පිරිස් සඳහා සාමාජිකත්වය ලබා දෙනවාද මැතිවරණවලදි අපේක්ෂකත්වය දෙනවාද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කල යුතු බවයි.
සංවිධානාත්මක අපරාධකරුවන් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පක්ෂ දේශපාලනයට පැමිණ සුදු ඇදගෙන කලු වැඩ කරමින් මත්ද්‍රව්‍ය ජාවාරමට මෙන්ම සංවිධානාත්මක අපරාධ සඳහා ආවරණයක් ලබා ගන්නා බව ප්‍රියන්ත වීරසුරිය මහතා අවධාරණය කළා.
මෙය සංවිධානාත්මක අපරාධකරුවන්ගේ දීර්ඝ සැලසුමක් බවට අනාවරණය වන බවත් පොලිස්පතිවරයා පවසා සිටියා.
✅✅✅✅✅✅✅✅
