ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රෙයාස් අයියර් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරයි


 ඔස්ට්‍රේලියාවට එරෙහිව සිඩ්නිහිදි පසුගිය සෙනසුරාදා (25)  පැවති තෙවන එක්දින තරගයේ උඩපන්දුවක් රැකගැනීමට යාමේදී ඇති වූ ආබාධයකින් ඉන්දීය උපනායක ශ්‍රෙයාස් අයියර් රෝහල්ගත කර තිබේ.

ඔහුව මේ වනවිට සිඩ්නි රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර වෛද්‍ය වාර්තාවලට අනුව තහවුරු වී ඇත්තේ ඔහුගේ අභ්‍යන්තර රුධිර වහනයක් සිදුව ඇති බවය.


වෛද්‍යවරු විසින් අයියර්ගේ රුදිර වහනය නැවැත්වීමට දැඩි උත්සාහයක් දරන බවත්, ඔහුට තවත් දින කිහිපයක් දැඩි සත්කාර ඒකකයේ රැඳී සිටීමට සිදුවනු ඇති බවත් සඳහන්.


ඔස්ට්‍රේලියානු පිතිකරු ඇලෙක්ස් කේරී දවාගැනීම සඳහා උඩ පන්දුවක් රැකගැනීමට යාමේදී ඔහු මෙම ආබාධයට මුහුණදුන්නේය.


✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post