හුදකලාව සටනක් දී ලක්මව රනින් සැරසූ ලහිරු ජනපතිගෙන් කළ අහිංසක ඉල්ලීම


 2025 ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ මීටර 1500 බාලක ධාවන ඉසව්වට සහභාගී වී රන් පදක්කමක් දිනූ යොවුන් ක්‍රීඩක ලහිරු අචින්ත සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා.

සිය පුහුණුකරු, ඔහුට එල්ල වූ මරණ තර්ජන හමුවේ තම පවුල සමඟ රටින් පිටව ගොස් ඇති බව ඔහු එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලකදී පිරිමි මීටර 1500 ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් හිමි වූ පළ වූ අවස්ථාව මෙයයි.


ලහිරු අචින්ත පවසන්නේ තමා පසුගිය කාලය පුරාවටම තනිව පුහුණුවීම් සහ කාලගණනයන් සිදුකරමින් මේ ජයග්‍රහණය අත් කරගත් බවයි.

ඒ සඳහා පුහුණුකරු දුරකතනයෙන් සම්බන්ධවෙමින් වැඩිදුරටත් ඔහුට උපදෙස් ලබාදී ඇති බව සඳහන්.


ඔලිම්පික්  පදක්කමක බලාපොරොත්තුවක් වෙනුවෙන් , තම පුහුණුකරු නැවත මෙරටට ගෙනවිත් දෙන ලෙස මෙම යොවුන් ක්‍රීඩකයා ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුමේ තබා තිබූ සටහන පහතින්.


“මේක මගේ අහිංසක ඉල්ලීමක්. ජනාධිපතිතුමනි, මම මගේ කෝච් ළඟ නැතුව තනියෙන් ට්‍රේනින් කළේ. මම මගේ ටයිමින් බලන්නේ තනියම. ට්‍රේනින් කළේ තනියම, ඒවා කවුරුත් දන්නේ නැති දේවල්, මගේ කෝච් චමිල් බෝතොට සර්ව අදට අවුරුදු 1 හමාරක් විතර මගෙ ඇස් දෙකට තාම දැකලා නෑ. කෝල් කරලා ට්‍රේනින්වලට උදව් කරනවා විතරයි. මං තනියෙම කෝච් ළග නැතුව ට්‍රේනින්  කරලා තමයි ඒ්ෂියන් රෙකෝඩ් එකක් තියලා රන් පදක්කමක් දිනුවේ. ළමයි වෙනුවෙන් වැඩ කරන්න ගිහින් මගේ සර්ට ඇතිවුණ මරණ තර්ජන නිසා සර් සහ සර්ගෙ මුළු පවුලම ඉන්නේ හැංගිලා. ගරු ජනාධිපතිතුමනි, මගේ කෝච් චමිල් බෝතොට සර්ව මගේ ළඟට ගෙනත් දෙන්න, මගේ පුහුණවීම් කරගන්න. සර් ළඟ හිටියොත් 2028 ඔලිම්පික් පදක්කමක් මම ලංකාවට ගේන්න පුළුවන්. ජනාධිපතිතුමනි, මේක මගේ අහිංසක ඉල්ලීමක්”


✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post