කසාදෙට සල්ලි හොයන්න යුවලක්, හිතාගන්න බැරි වැඩක් කරලා...


 විවාහයකට මුදල් සොයා ගැනීමේ අරමුණින් මාවතගම වටරැක කැටවල පුරාණ විහාරස්ථානයේ තිබූ ඉපැරැණි පිත්තල පහනක් සොරකම් කළ බව කියන පුද්ගලයන් තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් පුවතක් වාර්තා වෙනවා.



සොරකම් කළ පිත්තල පහන පෞරාණික වටිනාකමකින් යුතු දොළොස්මහේ පහනක් වන අතර එහි වටිනාකම රුපියල් ලක්ෂයකට අධික බව සදහන්.

නිවාසවල ඇති පරණ යකඩ බඩු එකතු කිරීමට යන කණ්ඩායමක් ලොරියකින් පැමිණ වටරැක ප්‍රදේශයේ සැරිසරමින් සිටියදී කැටවල විහාරස්ථානයටද ගොස් ඇත.

එහිදී එක් පුද්ගලයෙකු විහාරාධිපති හිමියන් සමඟ කතාබස් කරමින් සිටියදී අනෙක් දෙදෙනා පිත්තල පහන සොරකම් කර ඇති බව සදහන්.

පසුව එය නාරම්මල මැටියගනේ ප්‍රදේශයේ පරණ යකඩ බඩු එකතු කරන වෙළඳසැලකට විකුණා තිබියදී සොයා ගැනීමට පොලිසියට හැකිවී තිබෙනවා.

අත්අඩංගුවට ගෙන සිටින එක් සැකකරුවෙකුගේ විවාහ උත්සවයට අවශ්‍ය මුදල් සොයා ගැනීමේ අරමුණින් මෙම සොරකම සිදුකර තිබෙන බව ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ බවද පොලීසිය සඳහන් කරනවා.

✅✅✅✅
Redirecting...

.

Post a Comment

Previous Post Next Post