ගනේමුල්ල සංජීව ඝාතනයට නීතිපොත දුන් නීතිඥවරිය ගැන දැන් ඇසෙන කතාව මෙන්න..


 නීතිය හොඳින්ම දන්නා ඇය මේ වගේ දෙයක් කරන්න පෙළඹුණේ ඇයි?


ඒ ගැන ප්‍රශ්නාර්ථයක් තබමින් ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය ගැන මේ ඇසෙන්නේ තවත් වෙනස් කතාවක්. 


සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ ගණේමුල්ල සංජීව නමැත්තා ඝාතනය සඳහා වෙඩික්කරු භාවිත කළ පිස්තෝලය සැඟවීමට ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරියට අපරාධ නඩු විධාන සංග්‍රහයේ පිටපතක් ලබාදුන් නීතිඥවරියක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණා.
මෙම සැකකාරිය පැය 72ක් රඳවා තබාගෙන වැඩිදුර විමර්ශන පැවැත්වීමට පොලිසිය රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි.
මේ අතර, ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී අත්අඩංගුවට මෙහෙයුමේ තවත් දර්ශන රැසක් මාධ්‍යයට නිකුත් කර තිබෙනවා.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ ගණේමුල්ල සංජීව නමැත්තා කොළඹ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණයේදී ඝාතනය කෙරුණේ පෙබරවාරි 19 වැනිදායි.

නීතිඥවරයෙකු ලෙස පෙනී සිටි සැකකරුවෙකු අධිකරණ ශාලාවට ඇතුළු වී මෙම ඝාතනය කර තිබුණා.

වෙඩික්කරුට නීතිඥවරයෙකු ලෙස පෙනී සිටීමට අදාළව නීතිඥවරු පළඳින ටයි පටි 2ක්, රිවෝල්වරය රහසිගතව සඟවාගෙන යාමට අපරාධ නඩු විධාන සංග්‍රහය ඇතුළු අණපනත් සහිත පොත් දෙකක්, නීතිඥවරුන්ගේ වාහනයේ ප්‍රදර්ශනය කිරීමට භාවිත කරන අවසර පත්‍රයක්, නීතිඥ සංගමය මගින් නිකුත් කළ නීතිඥ හැඳුනුම්පතක් ලබාදෙමින් එම අපරාධයට අනුබලදීමේ චෝදනාව යටතේ කඩවත ප්‍රදේශයේ පදිංචි නීතිඥවරියක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබනෙවා.

55 හැවිරිදි සැකකාරිය පැය 72ක් රඳවා තබාගෙන වැඩිදුර විමර්ශන කිරීම සඳහා රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බව පොලිසිය ප්‍රකාශ කළා.

මේ අතර ගණේමුල්ල සංජීව ඝාතනයේ මහ මොළකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයින් 6 දෙනෙකු පසුගිය 13 වැනිදා සහකාර පොලිස් අධිකාරී බස්නාහිර උතුර කොට්ඨාසයේ අධ්‍යක්ෂ රොහාන් ඕලුගල මහතා ඇතුළු කණ්ඩායමක් විසින් නේපාලයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, දින 4ක් පුරා එරට ආරක්ෂක අංශ සමග එක්ව කළ මෙහෙයුමකින් අනතුරුවයි.

ඉෂාරා සෙව්වන්දි ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයින් 6 දෙනා අත්අඩංගුවට ගැනීමට අදාළ මෙහෙයුමේ සම්පූර්ණ වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මේ වනවිට මුදාහැර තිබෙනවා.

ඒ අනුව ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන නිලධාරීන් එරට ආරක්ෂක අංශ සමග විශේෂ සැලැස්මක් දියත් කර ඇති අතර ඔවුන් පළමුව අත්අඩංගුවට ගෙන තිබුණේ, ජේ.කේ. බායි නමැති සැකකරුයි.

ජේ.කේ. බායි නමැත්තා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහු උපාය දූතයෙකු ලෙස යොදාගනිමින් විමර්ශන නිලධාරීන් නේපාලයේ සැඟව සිටින ඉෂාරා සෙව්වන්දි දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කර ගෙන තිබුණා.

එලෙස ජේ.කේ. බායි නමැත්තාගේ දැනුම්දීම මත නේපාලයේ බක්තපූර් දිස්ත්‍රික්කයේ තිබ්බස් පාර්ක් ප්‍රදේශයේ මහල් නිවාසයක සැඟව සිටියදී ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකිවුණා.

ඉෂාරා සෙව්වන්දි සහ ජේ.කේ. බායි යන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඇයට මෙරටින් පළා යෑමට සහාය දැක්වු ජැෆ්නා සුරේෂ්, සහ කෙහෙල්බද්දර පද්මේගේ අපරාධ ජාලායට සම්බන්ධ ගම්පහ බබා ශාන්ත, නුගේගොඩ බබී සහ ඩුබ්ලිකේට් තක්ෂි යන අයයි.

මෙලෙස අත්අඩංගුවට ගත් සියලු සැකකරුවන් පසුගිය 15 වැනිදා දිවයිනට රැගෙන ආ අතර මේ වනවිට ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා තබා ගනිමින් විමර්ශන පවත්වනවා.

Post a Comment

Previous Post Next Post