දරුණු වෛරසයක් වැළඳුණු වඳුරන් තිදෙනෙක් පලායයි.. මහජනතාව විමසිල්ලෙන් සිටින්න..


 මේ තවත් එක් අනපේක්ෂිත සිදුවීමක්. ඇත්තටම එරට මහජනතාව අද මේ පුවත පිළිබඳ දක්වන්නේ දැඩි උනන්දුවක්.



අමෙරිකාවේ මිසිසිපි හි ප්‍රධාන අධිවේගී මාර්ගයක සිදු වූ ට්‍රක් රථ අනතුරක් නිසා සිදුවුණු දේ දෙන්නවාද? මෙම අනතුර නිසා වයිරස් කිහිපයක් ආසාදනය වී ඇති බවට විශ්වාස කෙරෙන රසායනාගාර තුළ රඳවා සිටි වඳුරන් කිහිපදෙනකු පලා ගොස් තිබෙනවා. ඔවුන් පවසන්නේ මෙම සතුන්ට හෙපටයිටිස් C සහ කොවිඩ්-19 වැනි වයිරස් ආසාදනය වී තිබිය හැකි බවයි. එය මහජනතාවට සෞඛ්‍ය අවදානමක් ඇති කළ හැකියි.

එසේම බලධාරීන් පවසන අන්දමට, එය මහජන සෞඛ්‍ය ගැටලු මතු කළ හැකි සිද්ධියක් වන අතර, ජැස්පර් ප්‍රාන්ත ෂෙරිෆ් දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය ප්‍රකාශයකට අනුව ඉකුත් අඟහරුවාදා දහවල් රීසස් වර්ගයේ වඳුරන් ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රක් රථයක් පෙරළීමෙන් මෙම අවදානම මතුව තිබූ බවයි.

ලුසියානාවේ නිව් ඕර්ලියන්ස් හි ටියුලේන් විශ්වවිද්‍යාලයෙන් එලෙස එම වඳුරන් ප්‍රවාහනය කරමින් තිබුණා. කෙසේ වෙතත්, මෙම සිද්ධියෙන් පසුව ඔවුන් පැවසුවේ, එම වඳුරන් යැයි සැක සිතිය හැකි සතුන් වෙත ළඟා නොවන ලෙසත්, එවන් සතකු දුටුවහොත් ඒ පිළිබඳ වහාම වාර්තා කරන ලෙසයි..

✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post