කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ දිවයිනට නැගෙනහිර දෙසින්වූ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතින අතර, එය ඉදිරි පැය 24 තුළ අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බවයි.
එම කැළඹිලි ස්වභාවයේ බලපෑම හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකිය.
සෙසු ප්‍රදේශවල පස්වරු 1.00ට පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, වැසිත් සමග තාවකාලික තද සුළං ද ඇති විය හැකි බවද දැනුම් දෙයි.
✅✅✅✅✅✅
