හඳුනාගැනීමේ පෙරට්ටුවකට රැගෙන ආ සැකකරු සරමෙන් කරපු දේ


 කොල්ලකෑමේ චෝදනා රැසකට සැකපිට අඩංගුවට ගෙන හඳුනාගැනීමේ පෙරට්ටුවකට රැගෙන ඒමට කුලියාපිටිය බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු, සිර කඳවුර තුළ දී සමරමෙන් ගෙල වැලලා සියදිවි නසාගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

සැකකරු ගෙල වැළලාගෙන ඇති බවට දැනගැනීමෙන් පසු කඩිනමින් බන්ධනාගාර නිලධාරීන් ඔහුව රෝහල්ගත කළත්, රඳවියාව රෝහලට රැගෙන යනවිටත් මිය ගොස් තිබුණු බවට වාර්තා වේ.


මියගිය රැඳවියා ඇරෑපොල සිරිපැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහුට කොල්ලකෑමේ සිද්ධීන් කිහිපයකට අදාල චෝදනා එල්ල වී තිබුණ බවද වාර්තා වේ.


රැඳවියාගේ සිරුර මේ වනවිට කුලියාපිටිය ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති අතර, මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.


✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post