කූඨ ලොතරැයි මණ්ඩලයක්.. මහා වංචාවක තතු හෙළි වෙයි.!


 ජාතික ලොතරැයි මණ්ඩලයේ (NLB) නිල වෙළෙඳ ලාංඡනය, ත්‍යාග ප්‍රදානෝත්සවවල ඡායාරූප සහ වීඩියෝ දර්ශන සූක්ෂම ලෙස යොදා ගනිමින්, අන්තර්ජාලය හරහා ක්‍රියාත්මක වන මහා පරිමාණ වංචාවක් පිළිබඳව ජාතික ලොතරැයි මණ්ඩලය මහජනතාවට දැඩි ලෙස අනතුරු අඟවයි.

විශේෂයෙන්ම ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාලා ඉලක්ක කර ගනිමින්, ව්‍යාජ ඔන්ලයින් කැසිනෝ ව්‍යාපාර සහ ව්‍යාජ ෆේස්බුක් පිටු නිර්මාණය කර ඇති සංවිධානාත්මක කණ්ඩායමක්, ජාතික ලොතරැයි මණ්ඩලයේ සන්නාමය අවභාවිත කරමින් මහජනතාව මුළා කරමින් සිටින බවට තොරතුරු වාර්තා වී තිබේ.

මෙම වංචනික ක්‍රියාවලට හසු නොවන ලෙස පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටින ජාතික ලොතරැයි මණ්ඩලය, තමන් එවැනි කිසිදු ඔන්ලයින් කැසිනෝ ව්‍යාපාරයක් හෝ සමාජ මාධ්‍ය හරහා මුදල් ත්‍යාග පිරිනමන වැඩසටහනක් ක්‍රියාත්මක නොකරන බවට තරයේ අවධාරණය කරයි.

ජාතික ලොතරැයි මණ්ඩලය මහජනතාවට සිහිපත් කරන්නේ, සියලුම ලොතරැයිපත් දිනුම් ඇදීම්, සෑම දිනකම රාත්‍රී 9:30 ට ස්වාධීන රූපවාහිනී සේවය (ITN) ඔස්සේ පමණක් සජීවීව විකාශය කරන බවයි. එම දිනුම් ඇදීම්වල නැවත විකාශයන්, ජාතික ලොතරැයි මණ්ඩලයේ නිල ෆේස්බුක් පිටුව සහ ස්වාධීන රූපවාහිනී සේවයේ නිල යූටියුබ් නාලිකාව හරහා පමණක් නැරඹිය හැකි බවයි.

මෙම නිල මාධ්‍ය නාලිකාවලට අමතරව, ජාතික ලොතරැයි මණ්ඩලයේ නම, ලාංඡනය හෝ ලොතරැයිපත් භාවිත කරමින් සිදුකරන ඕනෑම ව්‍යාජ දිනුම් ඇදීමක්, ව්‍යාජ ෆේස්බුක් පිටුවක් හෝ වෙනත් සැකකටයුතු ක්‍රියාවක් පිළිබඳව ඔබට තොරතුරක් වෙතොත්, එය ජාතික වගකීමක් ලෙස සලකා, වහාම පහත දුරකථන අංකය අමතා දැනුම් දෙන මෙන් ජාතික ලොතරැයි මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

දැනුම්දීම් සඳහා දුරකථන අංකය: 011-4607000


✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post