කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව අද (21) දින උදෑසන 9.00 සිට ඉදිරි පැය 24 දක්වා මෙම අනතුරු ඇඟවීම බලාත්මක බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත් සහ අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය බලපැවැත්වේ.
දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පැවති කැලඹිලි ස්වභාවය මේ වනවිට අඩුපීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති අතර එය තවදුරටත් වර්ධනය වෙමින් බටහිර බරව වයඹ දෙසට ලංකාව ආසන්නයෙන් ගමන් කරයි.
එහි බලපෑමෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු, උතුරු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී 150ට වැඩි ඉතා තද වැසි ඇතිවන බව සඳහන් කරයි.
✅✅✅✅✅✅✅✅✅
