රනිල්ට අධිකරණයෙන් දුන් නියෝගය.!


 පොදු දේපොළ පනත යටතේ චෝදනා ලද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (29) දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ පෙනී සිටියේය.

එහිදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අදාළ විමර්ශනය කඩිනමින් අවසන් කර ඊට සම්බන්ධ සැකකරුවන් සිටි නම් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර අද (29) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

තවද ඉකුත් දිනයේ අධිකරණය ආශ්‍රිතව සිදුවූ සිදුවීම්වලින් අධිකරණයට අපහාසයක් සිදුවී තිබේදැයි විමර්ශන සිදුකර ඊට වගකිව යුතු පුද්ගලයින් කවුරුන්ද, ඔවුන් සම්බන්ධව ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද යන්න පිළිබඳව මීළඟ නඩු දිනයේ අධිකරණයට දැනුම්දෙන ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.

අනතුරුව හිටපු ජනාධිපතිවරයාට එරෙහි නඩුව ලබන ජනවාරි (28) දක්වා කල් තැබීමට නියෝග කළේය.


✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post