ඊශ්‍රායලය විසින් ගාසා තීරයට නැවතත් ගුවන් ප්‍රහාර එල්ල කර ඇති අතර එම ප්‍රහාර හේතුවෙන් අවම වශයෙන් පලස්තීන ජාතිකයින් 33 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එක්සත් ජනපදය මැදිහත් වූ සටන් විරාම ගිවිසුම හමාස් සංවිධානය උල්ලංඝනය කළ බවත් එයට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කරයි.
හමාස් සංවිධානය විසින් ගාසා තීරයේ ඊශ්‍රායල සොල්දාදුවන්ට පහර දුන් බවත් ඔවුන් මියගිය ප්‍රාණ ඇපකරුවන්ගේ සිරුරු ආපසු ලබාදීමේ කොන්දේසි කඩ කළ බවද ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කරයි.
✅✅
