මොනරාගල පොලිස් වසමේ මදුරුකැටිය හංදිය අසල පදිංචි තරුණයෙකු (05) වෙනිදා සවස 5.00 වෙඩි තබාගෙන මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ මොනරාගල මදුරුකැටිය හංදිය අසල පදිංචි ආර්.එම් හෂාන් ඉන්දික බණ්ඩාර (21) නැමති තරුණයෙකි.
ඔහු නිවස ඉදිරිපිට වැරන්ඩාවේ බිම දිගාවී බෙහෙත් කොටන තුවක්කුවක් පාදයෙන් කොකා ගස්සවා ගෙන වෙඩි තබාගෙන තිබේ. වෙඩි තබා ගැනීමට ප්‍රථම ඔහු වෙඩි තබා ගන්නා බව සඳහන් කරමින් මවට සහ පියාට ලියන ලද ලිපියක් මේසයක් මත තිබී හමුවී ඇත.
ඔහුගේ පසුම්බියේ තිබී පෙම්වතියගේ ඡායාරූපයක්ද හමුවී ඇති අතර ඇය දින කිහිපයක් දුරකථනයෙන් කථා නොකිරීම නිසා සිත් තැවුලට පත්ව මෙසේ වෙඩි තබාගෙන ඇති බව මූලික පරීක්ෂණ වලදී අනාවරණයවී තිබේ.
එදින පෝය දිනය නිසා මව සිල් සමාදන්වීමට ගොස් ඇති අතර නිවසේ කිසිවෙකු සිට නැත.මියගිය අයගේ සීයා අසල වෙළෙඳ සැලකට ගොස් ඇති අතර ආපසු පැමිණි විටදී ඔහු මියගොස් සිටි අයුරු දැක ඇත.
මියගිය අයගේ මරණය පිළිබඳ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය මොනරාගල දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් පසිඳු පරාක්‍රම බණ්ඩාර පත්මකුලසූරිය මහතා විසින් පවත්වන ලදි.මොනරාගල වැඩබලන මූලස්ථාන පො.ප ලසන්ත ජයසිංහ මහතා පරීක්ෂණ පවත්වයි.
සුමනසිරි ගුණතිලක
✅✅✅✅✅
