දෙවියනේ ... දුරකතනයේ පින්තූරයක් නිසා චතුරංගට සිදුවුණ දේ මෙන්න ...


 ඔහුගේ නම චතුරංග ... මේ හාදයා දකුණේ ගමක. ආයතනයක නිලධාරියෙක්. 



විවාහ ගිවිස ගත්තේ දෙන දෑවැද්ද අනුව‍යි. ඒ අනුව  ලොකු දෑවැද්දක් ඇති කතක විවාහ කර ගත්තා. පුරුෂයා  හැඩයි. ඇඳුම කැඩුම පිළිවෙළයි.

නිතරම සිටිනුයේ ළඟින් ගියත් නහය කඩාගෙන යන තරමේ සුවඳ හමන සුවඳ විලවුන් තවරාගෙනයි.

කටේ ඇත්තේම විහිළුයි. සිනහව මනමාලයි. කා එක්කත් සිනාසෙනුයේ ඇසක් කුඩා කොටයි .

කාන්තාවන් ඉදිරියේදී එම සිනහව වඩාත් වැඩියි. භාර්යාවට මෙය දිරෙව්වේ නැහැ. මේ කරුණු කාරණා නිසා ඇය සිටියේ ඔහු ගැන සැකයෙන්. තමාගේ රූප සෝභාවද මනසට පැමිණීමත් ඇයට මේ සඳහා මනා පිටිවහලක් වූවා.


මේ නිසාම ඇය සැමියා ගැන හැම තිස්සේම සිටියේ හොඳ සෝදිසියෙන්.

විශේෂයෙන්ම සැමියා රැකියාවට ගොස් නිවෙසට පැමිණි විට ඔහුගේ කාර්යාලයීය ගමන් මල්ල, ඔහු ඇන්ද ඇඳුම, පැලඳුම ඇය අතින් විශේෂ පරීක්ෂාවකට ලක්වනුයේ පුරුද්දක් ලෙස‍යි. ඔහුගේ නවීන පන්නයේ ස්මාර්ට් ජංගම දුරකතනයටද එය පොදුයි.

මේ පරීක්ෂා කිරීම්වලදී ඇයට නොගැළපෙන දෙයක් හමුවූවිට දෙන්නා අතර රණ්ඩු සරුවල් ඇති නොවුනාම නොවේ.

මේ අරභයා ගහ මරා නොගත්තත් ඇය ඇතැම් අවස්ථාවලදී දෑවැද්ද පෙරට විත් ඔහුට නිහඬවීමටත් සිදුවූ වාර අනන්තයි. එදා ද ඔහු රාජකාරිය නිමවා නිවෙසට පැමිණියේ ටිකක් හවස් වෙලායි.

එන කොට කටින් ඉඳහිට එන අමුතු සුවඳක්ද ඇයගේ නාසය පසාරු කරගෙන ගියා.

වෙනදට වඩා සැමියා සිටියේ සතුටෙන්. ඒ සමගම ඔහු ඇය සමග වැඩි කතාබහක් නැතිව නාන කාමරයට වැදී ගීතයක කොටසක් මුමුණමින් ස්නානය කරමින් සිටියා. ඇයගේ සැකය වැඩි වුණා. කාර්යාලයීය ගමන් මල්ල පරීක්ෂා කළා.

ඇඳුම් පැලඳුම් ටික පරීක්ෂාවට ලක්වූවේ ඉන් අනතුරුවයි. කිසිම සැක සහිත දෙයක් ඉන් ඇයට හමු නොවූවා.

ස්මාර්ට් ජංගම දුරකතනය අතට ගත්තේ ඉන් අනතුරුවයි.

එහි රූමත් කතකගේ ඡායාරූපයක් සහිතව එදින අලු‍තින්ම ශේෂ කරන ලද දුරකතන අංකයකි.

එය විවෘත කළ විට දක්නට ලැබුණේ එම කාන්තාව වට්ස්ඇප් පණිවුඩයක් මගින් එවූ ඇයගේම තවත් ඡායාරූපයක්.

ඇයට යක්ෂාරූඩ වූවා. උඩට බිමට පැන්නා. සොටු පෙරමින් හඬා වැටුණා.

සැමියාගේ අද දිනයේ වෙනසේ හේතුව සොයාගත් ඇයට තරහා පිට කිරීමට ක්‍රමයක් නැතිව සිටියා.

තමාගේ රූපයත් ජංගම දුරකතනයේ රූපයත් මනසින් සංසන්දනය කළා.

කෝපය ඇයගේ ඉහවහා ගියා.

ඉන්නේ කොතැනද කරන්නේ කුමක්ද යන්න තේරුම් නොගිය ඇය දෑවැද්දට දුන් ස්මාර්ට් දුරකතනය පොළවේ ගැසුවේ කෑලි කෑලි විදිහට ...

ශබ්දය ඇසී චතුරංග එනවිට සියල්ල සිදුවී හමාරයි.

ඇය ඇඬූ කඳුළින් නිවෙස බලා යාමට ඔහුට දෙස්දෙවොල් තියමින් ඇඳුම් කැඩුම් ලකලැහැස්ති කරමින් සිටියා.

තමාගේ ජංගම දුරකතනය කුඩේ කුඩු. එහි කෑලි හතර වටේ ..

ඇය නිවසේ වහලය සෙලවෙන තරමටම හයියෙන් කෑගසමින් සිටියා.

සිය ආයතනයේ සේවිකාවක ලංකාවේ පැවති අන්තර් දෙපාර්තමේන්තු තරගාවලියකින් ප්‍රථම ස්ථානය දිනීම නිමිත්තෙන් ආයතනයේ සුබ පැතීමට ආයතන ප්‍රධානියා ඇයගේ රූපය සහිත බැනරයක් සෑදීමේ කටයුත්ත පවරා තිබුණේ තමාට බව මේ අලකංචිය මැද්දේ ඔහුට සිහිවූවා. ඒ සඳහා අවැසි ඡායාරූපයක් තම ජංගම දුරකතනයට එම සේවිකාවගෙන් ගෙන්වා ගත් බවද ඔහුගේ මනසට ගලාගෙන ආවා. මෙය පැහැදිලි කර දීමට චතුරංගට පැය කිහිපයක් ගියා.

සිය පියාට කියා තමා පොළවේ ගැසූ ජංගම දුරකතනය වෙනුවට ඉස්තරම්ම වර්ගයේ නවීන පන්නයේ අලු‍ත් ජංගම දුරකතනයක් ඇය අරන්දෙන බවට පොරොන්දුවීමෙන් පසු මේ ගින්න නිවුනාලු‍.
✅✅✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post