කෙන්යාව කඳුළු ගඟක් වෙයි... නායයෑමකින් 21ක් මරුට...


 බටහිර කෙන්යාවට ඇදහැලු‍නු අධික වර්ෂාපතනයත් සමග සිදු වූ නායයාම් තත්ත්වයන් නිසා පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තිබෙනවා.


විදෙස් වාර්තා සදහන් කළේ, පසුගිය දින කිහිපය පුරා බටහිර කෙන්යාවට ඇදහැලු‍නු අධික වර්ෂාපතනයත් සමඟ මෙම නායයාම සිදුව ඇති බවයි.

නැගෙනහිර මැරක්වෙට් ප්‍රදේශයේ සිදුවූ මෙම නායයාමෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින්ගේ සිරුරු රෝහල් වෙත යොමුකර ඇති බව ද සදහන්.

බරපතල තුවාල ලැබූ පුද්ගලයින් 30 දෙනෙකු රෝහල් ගතකර ඇති බවයි විදෙස් වාර්තා කළේ.

කෙසේ වෙතත් පුද්ගලයින් 30 දෙනෙකු පමණ තවමත් අතුරුදන්ව ඇති අතර සහන කටයුතු සඳහා රතුකුරුස සංවිධානයේ සහය හිමිව තිබෙනවා.

✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post