12820 Viewsජනප්‍රිය රංගන ශිල්පිනී ශනුද්‍රි ප්‍රියසාද් සහ ජනප්‍රිය ගායන ශිල්පී දිනේෂ් ගමගේ පෙම්වතුන් බව නොදන්නා කෙනෙක් නොමැති තරම්. වසර දෙකකට අධික කාලයක් හොර රහසේ පෙම්වතුන්ව සිටිය මේ දෙපල දැන් ප්‍රසිද්ධියේ පෙම්වතුන් ලෙස පෙනී සිටිනවා.
ශනුද්‍රි කුඩා කාලයේ රඟපෑවාට පසුව සිනමා පටයකට රංගනයෙන් දායක වුණේ නැහැ. ඇයගේ නවතම සිනමා පටය වන "ආදරණීය ප්‍රාර්ථනා" ළඟදීම තිරගත වීමට නියමිතයි. එහි ඇය රංගනයෙන් දායක වන්නේ රාහූල් වරාවිට සමඟ. චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතු සඳහා රාහූල්ගෙයි ශනුද්‍රිගෙයි ප්‍රේමණීය ඡායාරූප කීපයක් පසුගිය දිනවල සමාජ ජාලාවල පළ වුණා. සමහරු ඔවුන් දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධයක් තියෙන බවටත් මත පළ කළා. කෙසේ වෙතත් මේ චිත්‍රපටය යෞවනයේ හදවත් ප්‍රෙබෝධමත් කරන චිත්‍රපටයක් වනවාට සැකයක් නැහැ.
චිත්‍රපටයේ තොරතුරු පහත දැක්වෙනවා.
තරුණ නිර්මාණ අධ්‍යක්ෂ වාසව බධුගේගේ කුළුඳුල් අධ්‍යක්ෂණය වන "ආදරණීය ප්‍රාර්ථනා" චිත්‍රපටය ළඟදීම තිරගත වීමට නියමිතය. තුන්කොන් ප්‍රේම කතාවක් වටා ගෙතුණු මෙම සිනමා සිත්තමේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ශනුද්‍රි ප්‍රියසාද්, නෙත්මි රොෂෙල්, රාහුල් වරාවිටගේ යන රංගන ශිල්පීන් වේ.
"ආදරණීය ප්‍රාර්ථනා"හී අධ්‍යක්ෂණය, කැමරා අධ්‍යක්ෂණය වාසව බදුගේගෙන් වන අතර නිෂ්පාදනය කර ඇත්තේ අශාන් කන්නන්ගර, යසස් මැදගෙදර සහ වාසව බදුගේ වේ. මෙහි පිටපත ගංගානාත් වීරසිංහ සහ මලින්දු ගජධීර විසින් රචනා කර ඇත. සාම්ප්‍රදායික සිනමාපට රීතියෙන් බැහැරව වෙනස්ම ආරකින් නිර්මාණය කර ඇති "ආදරණීය ප්‍රාර්ථනා" චිත්‍රපටය සඳහා සහාය අධ්‍යක්ෂණයෙන් ධනුෂ්ක පෙරේරාද සංස්කරණයෙන් සඳරුවන් පෙරේරාද යශී සිල්වා කලා අධ්‍යක්ෂණයෙන්ද දායක වී ඇත. මෙම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය යසස් මැදගෙදර විසින් සිදුකර ඇති අතර ශෙහන් ගලහිටියාව ගීපද රචනා කර ඇත.