පස්වරු 4.30 දක්වා පාසල් පවත්වන ලෙස යෝජනාවක්


 පාසල් වේලාව පස්වරු හතරයි තිහ(4.30) දක්වා ඉහළ දමන ලෙස ඉල්ලීම් ලැබී ඇතැයි අධ්‍යාපන ඇමතිනී අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කර සිටිනවා.

නැගෙනහිර පළාතේ විදුහල්පතිවරුන් ගුරුවරුන් සහ අධ්‍යාපන බලධාරීන් සමඟ මඩකලපුවේදී පැවැති සාකච්චාවකදී, ඇය මේ බව පැවසුවා.

ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ මෙම සාකච්ඡාව පැවැත්වනු ලැබීය.


අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ, පාසල් වේලාවන් සවස 2.00 දක්වා දීර්ඝ කිරීම ගැන ප්‍රශ්න කොතැනින්වත් මතුවී නොමැති බවයි.


පුහුණු වීම්වලට සහභාගී වූ ගුරුවරුන් මෙම අලුත් ප්‍රතිසංස්කරණ ඉතාමත්ම ඉහළින් අගය කර ඇති අතර පැය භාගයකින් වේලාව වැඩි කිරීම සම්බන්ධයෙන් බිම් මට්ටමේ කිසිදු ප්‍රශ්නයක් මතුවී නැති බවද ඇය ප්‍රකාශ කළේ ය.


මේ අනුව පාසල් වේලාව සවස හතර හමාර වෙනතුරු දීර්ඝ කිරීමට ද යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයිද ඇය එහිදී තව දුරටත් කියා සිටියේ ය.


✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post