අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන 10දා සිට දෙසැම්බර් මස 05 වැනි දින දක්වා පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි.
විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසුවේ ඒ අනුව දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2362ක උසස් පෙළ විභාගය පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බවය.
මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 2,46521ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 94,004ක් ඇතුළුව සම්පූර්ණ අයදුම්කරුවන් 340,525ක් පෙනී සිටීමට නියමිතය.
එමෙන්ම මෙවර උසස් පෙළ විභාගය සඳහා පැවැත්වෙන සියලුම උපකාරක පන්ති පැවැත්වීමල විශයානුබද්ධ සම්මන්ත්‍රණ පැවැත්වීමල දේශණ සහ වැඩමුළු පැවැත්වීම සහ අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම ඇතුළු විභාගය සම්බන්ධ සියලුම ප්‍රචාරණ කටයුතු හෙට (04දා) දින මධ්‍යම රාත්‍රි 12 සිට තහනම් වනු ඇති බවත් විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසුවාය.
විභාගය සඳහා වූ පාසල් අයදුම්කරුවන් මෙන්ම පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර මේ වන විට ලබා දී අවසන් බවත් යම් අයෙකුට ප්‍රවේශපත්‍රය නොලැබුණේ නම් අද දින සිට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස ලබා ගත හැකි බවත් ඇය කීවාය.
✅✅✅
