පද්මේ සමග සම්බන්ධතා පැවැත්වූ රංගන ශිල්පිනියන් 5ක්.. ප්‍රකාශ සටහන් කරගනී.!


 සංවිධානාත්මක අපරාධකරු කෙහෙල්බද්දර පද්මේ සමග විදේශ රටවලට ගොස් සම්බන්ධතා පැවැත්වූ බවට සැකකරන රංගන ශිල්පිනියන් 5ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව අද (31) අධිකරණය හමුවේ සඳහන් කළේය.

මෙම රංගන ශිල්පිනියන් කෙහෙල්බද්දර පද්මේ සමග සම්බන්ධතා පවත්වමින් නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්, මුදල් විශුද්ධිකරණය හෝ අවි ආයුධ සම්බන්ධ අපරාධමය කටයුතු වලට යොමු වී තිබේදැයි අනාවරණය කර ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවද එම දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සඳහන් කළේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විමර්ශනවල ප්‍රගතිය නොවැම්බර් (07) වනදා ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.


✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post