"එදා සුජිත් අයියයි, නිශානුයි එක්ක එළිවෙනකන්ම නැටුවා.. එළිවෙනකොට මම හිටියේ සැටියක නිදාගෙන.. ඇඳුම් තැනින් තැන වැටිලා තිබුණා.."


 සිස්ටම් එක වෙනස් වෙලා. මේ කියන සිස්ටම් වෙනස් කළේ තාක්ෂණය විතරක්ම නෙවෙයි. තාක්ෂණයත් එක්කම මිනිස්සුත් වෙනස් වුණා...


එදා මිනිස්සු තමන්ගේ දුක පාලුව නිවාගන්න සිංදු ඇහුවා, බජව් දැම්මා. පිට්ටනිවල ක්‍රිකට් ගැහුවා. වෙල් යායවල් වල දිව්වා.
 
ඒත් අද...හැමදේම එකම එක ස්මාර්ට් දුරකතනයකට සීමා වෙලා !

මේ දුරකතනය අතපත ගාන පුංචි උන් මුලු ලෝකෙම අයිති කරගෙන...
 
සතුට හොයන්නෙ ජෙල් පැකට් පවා අනුභව කරන සිස්ටම් එකක්ලූ දැන් තියෙන්නෙ.
 
මීට අවුරුදු ගාණකට කලින් මේ තරුණිය මුණගැහෙනකොට එයාට ජීවිතේ ගැන තේරුමක් තිබුණේ නැහැ. අම්මා තාත්තා එයාව ඈත් කරලා තිබුණේ, එයාගේ නොමනා හැසිරීම් නිසායි.
 
පස්සෙ එයාගේ ජීවිතේ යම් ඛේදාන්තයක් වුණා කියලා කිව්වත්, ඒ මොකද්ද කියන එක මම දැනන් හිටියේ නෑ.
 
අවුරුදු ගාණකට පස්සෙ...ඊයේ පෙරේදා දවසක මට ඒ තරුණියව ආයෙම මුණ ගැහුණා.
 
ඉස්සර හිටපු බෝල කෙල්ල නෙවෙයි දැන්. ඇඟ දිරාපත් වෙලා. ඇස් ගිලිලා. අඬලමද මන්දා කම්මුල් සමතලා වෙලා...
 
එයා එයාගේ කතාව මට කියන්න ගත්තා. ඒක අහන් ඉන්න බැරි විදිහේ කතාවක්....
 
"මම රිකවර් වෙන්න කාලයක් ගියා. එතන හිටපු මිස්ලා උදව් කළා. හැබැයි තාම ඉන්නෙ මේ මම නෙවෙයි. මට තාම අමතක නෑ මට වෙච්ච දේවල්. වෙලාවකට මට ආයෙම පරණ මත්ද්‍රව්‍ය ඕනි වගේ දැනෙනවා. ඒ වෙලාවට මම මාව පාලනය කරගන්නවා පුදුම දුකකින්. මට ඕනි වුණත් දැන් එපා... අම්මලා විතරයි අන්තිමට මට ඉතුරු වුණේ. තාත්තාගේ මළගෙදරවත් මට මතක නෑ. එයා ගිය හේතුවවත් මම දන් නෑ. මම එයාගේ මිනිය ළඟ ඇඬුවෙවත් නැතුව ගල් ගිල්ලා වගේ හිටියා කියලා හැමෝම කිව්වා.."
 
"මම යාලුවෙලා හිටියේ නිශාන් එක්ක. ඒක ගොඩක් සීරියස් ලව් එකක්. හැබැයි වැඩේ කියන්නෙ ඒකට අම්මලා කැමති වුණේ නෑ. මොකද නිශාන් ගොඩක් බොන කන කෙනෙක්. ඒවාට මිනිහා මාවත් පුරුදු කරගත්තා. නිශාන් එක්ක තමා මම මුලින්ම සිගරැට් එක බිව්වේ. පස්සෙ එක එක ජාති ගොඩක්... ඩ්‍රග්ස් තමා වැඩියෙන්ම.. නිශාන්ට ඒවා නැතුවම බෑ. මිනිහගේ අම්මා හිටියේ රට. එවන සල්ලි සේරම නාස්ති කළේ බීමට. අපි බීලා ඇතිවෙන්න අඹුසැමියෝ විදිහට ඉන්නවා. එයා සෙක්ස්වලට ඩ්‍රග්ස් වලට අන්තෙටම ඇබ්බැහි වුණු කෙනෙක්..."
 
"අපි පස්සෙ එක එක පාටිවලට ගියා. නයිට් ක්ලබ් ගානේ ගියා. නිශාන්ට ලොකු ආසාවක් තිබුණා මාව වෙන කෙනෙක් එක්ක ශෙයා කරගන්න. හැබැයි මම කැමති වුණේ නෑ. එයාට මම ආදරේ කළා... ඇත්තටම ආදරේ කළා.. ඒ නිසා ඒ යෝජනාවට මම කැමති වුණේම නෑ. එක දවසක් ඒ හැමදේම වෙනස් වුණා. නිශාන් මාව සුජිත් කියලා අයියා කෙනෙකුට අඳුන්වලා දුන්නා. එයා මැරීඩ් කෙනෙක්. එවා තමයි එදා මට ඩ්‍රග්ස් ගෙනත් දුන්නේ..."
 
"අපි එළිවෙනකන්ම ඩ්‍රග්ස් ගත්තා. මට මතකයි මම නිශාන් අයියයි සුජිත් අයියයි දෙන්නත් එක්කම නැටුවා. අන්තිමට මගේ උඩ ඇඳුම සුජිත් අයියා ගලවනවා විතරක් මට මතකයි. ඒත් මම දිගටම නැටුවා. පස්සෙ වෙච්ච කිසිම දෙයක් මට මතක නෑ. එළිවෙද්දි මම හිටියේ සැටියක් උඩ.. නිරුවතින්. ඇඳුම් තැනින් තැන.. යටඇඳුම අතුරුදහන්.. ඇඟ පුරාම තුවාල. හපලා.. රහස් තැන් රිදෙනවා. මම ගොඩක් ඇඬුවා.. ෆෝන් එකත් ළඟක නෑ. පස්සෙ තමා මම දැනගත්තේ මාව තුන් දෙනෙක්ම රේප් කරලා කියලා. අර දෙන්නත් එක්ක තව එක්කෙනෙක්.."
 
"එදා මාව අම්මලා ගෙදර එක්කන් ගියා. අර තුන් දෙනාට විරුද්ධව පොලිසියට පැමිණිලි කළා අපි.. එයාලා හිරේ වැටුණා. මාව පුනරුත්තාපනයට දැම්මා. ගොඩක් කල් මම ඒක ඇතුළේ හිරවෙලා හිටියා. ජීවිතේ ගොඩක් පසුතැවීම් තියෙනවා මගේ... දැන් මෙහෙම හොඳයි.. ආයෙ නම් මට ඒ ජරා ජීවිතේ එපා.."
 
"ආදරේ කියන හැමෝම අපිට ළංවෙන්නෙ ආදරේටම නෙවෙයි.."


✅✅✅✅✅✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post