බෙහෙත් වැඩිමිලට විකුණුවොත් දැන්ම කියන්න ජනතාවට දැනුම්දීමක්


 ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසන්නේ රජය විසින් උපරිම සිල්ලර මිල නියම කර ඇති ඖෂධ වර්ග වැඩි මිලට අලෙවි කරන යම් තැනැත්තෙක් හෝ ආයතනයක් වේ නම් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවයි.

ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේදී සභාගත කළ උපරිම මිල සීමාව නියම කළ ඖෂධ 350ක ලැයිස්තුව මේ වන විට ප්‍රසිද්ධියට පත්කර ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. ඖෂධ නියාමන අධිකාරියේ නිල වෙබ් අඩවියෙන් නව ඖෂධ මිල ගණන් දැනගැනීමේ හැකියාව පවතිනවා.


මෙම ඖෂධ උපරිම වශයෙන් සියයට 40ක අඩුකිරීමකට යටත් කර ඇති බව එම අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසයි.


ඒ අනුව පිළිකා රෝගීන්ට ලබාදෙන පැක්ලිටැක්සර් ඖෂධය මිල රුපියල් 42,000 සිට රුපියල් 26,332 දක්වා අඩුකර ඇති අතර එම රෝගීන්ට ලබාදෙන තවත් ඖෂධයක් වන සිසැට්‍රකූරියම් බෙලිසේ ඖෂධය ද රුපියල් 3,157 සිට රුපියල් 2,610 ක් දක්වා අඩු කර ඇති බව වාර්තා වේ.


එමෙන්ම අධිරුධිර පීඩනය සඳහා ලබාදෙන ඖෂධයක් වන ලොසාටන් පොටෑසියම් පෙත්තක මිල රුපියල් 11 සිට රුපියල් 8ක් දක්වා අඩුකර ඇති අතර නව ඖෂධ මිල සංශෝධනයට අනුව පැරසිටමෝල් පෙත්තක මිල වන්නේ රුපියල් 3.20ක් වේ.


✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post