නිකුත් නොකෙරූ රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

 


මේ වන විට නිකුත් කිරීමට ප්‍රමාද වූ සියලුම රියදුරු බලපත්‍ර 2025 පෙබරවාරි මාසය වනවිට මුද්‍රණය කර අවසන් කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.


එමගින් පසු, සාමාන්‍ය ක්‍රමය අනුව දෛනිකව රියදුරු බලපත්‍ර නිකුත් කිරීම නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බවද සඳහන් වේ.

රියදුරු බලපත්‍ර මුද්‍රණය ස්ථිර කළ ස්ථාන තුනකදී සිදුකරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ පවසයි.

කාඩ් හිඟය හේතුවෙන් බලාපොරොත්තු වූ බලපත්‍ර තාවකාලිකව නිකුත් කළ අතර, තුන් ලක්ෂ පනස් දහසකට ආසන්න බලපත්‍ර ගොඩගැසී තිබුණත්, ඒවා මුද්‍රණය නොකඩවා සිදු කිරීමට කටයුතු කරමින් සිටී.


✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post