ඉන්දුනීසියාවේ විවාහ අර්බුදයක් පිළිබඳ රජයේ අමාත්‍යවරයෙක් අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.
මෙම අනතුරු ඇඟවීම නිකුත් වන්නේ පසුගිය වසරේ ඉන්දුනීසියාවේ ආසන්න වශයෙන් යුවළ 400,000 ක් පමණ දික්කසාද වීමත් සමඟයි.
ඔහුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසන්නේ රට මේ වන විට පවුල් අස්ථාවරත්වයේ ‘කහ එළිය’ අවධියේ පසුවන බවයි. එනම් එය ඇත්තේ නරක අතට හැරෙන සීමාවේයි.
ඉන්දුනීසියාවේ විවාහ බැඳීම් බිඳීයාම සහ පවුල් අස්ථාවරත්වය උග්‍රවීම පිළිබඳව එරට ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය නසරූඩින් උමාර් මෙම කරුණු ඉදිරිපත් කර තිබෙනවා.
ඔහුට අනුව, ස්මාර්ට්ෆෝන් සහ සමාජ මාධ්‍ය නිසා අනියම් බැඳීම් ඇතිකරගැනීම පහසු වී ඇති අතර විවාහ බැඳීම් බිඳියාමට යාමට එය බහුලව හේතුවී තිබෙනවා.
අමාත්‍ය නසරූඩින් උමාර් පසුගිය ඔක්තෝබර් 30 වන දින විවාහ උපදේශකවරුන්ගේ රැස්වීමක් අමතමින්, "ස්මාර්ට්ෆෝන් නිසා ආලවන්තකම් පෑම හෝ වංචා කිරීම යන දෙකම පහසු දෙයක්" යනුවෙන් ප්‍රකාශ කර තිබෙනවා.
‘ජනතාව කල්පනාකාරී නොවන්නේ නම්, අප අවසානයේ සමාජ මාධ්‍යවල වහලුන් වේවි’ යනුවෙන් ද ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.
කෙසේ වෙතත්, නිල දත්ත පෙන්වා දෙන්නේ දික්කසාද වීමට හේතු වී ඇති ප්‍රධාන කාරණා ලෙස පවතින ගැටුම්, මූල්‍ය පීඩනය සහ ගෘහස්ථ හිංසනය යන කරුණුයි.
✅✅✅✅✅✅
